මහමෙව්නාව අසපු සංචිතයේ ශ්‍රද්ධා රූපවාහිනි සේවය මඟින් නවතම වැඩසටහනක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. ඉන්දියාවේ බුද්ධගයා පින්බිමේ පිහිටි මහමෙව්නාව බුදු නුවණ භාවනා අසපුවේ දහම් පාසැලේ ඉගෙන ගන්නා ඉන්දිය දරුවන් විසින් පාලි සහ හින්දි භාෂාවන්ගෙන් පවත්වන සෙත් පිරිත් සජ්ඣායනාව පෙබරවාරි 7 වැනි ඉරුදින සිට සෑම ඉරිදා දිනකම රාත්‍රී 9 සිට විකාශනය කිරීම මෙම වැඩසටහනයි.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනයෙහි මෙලෙස දැක්වෙයි. "දහම් වැසි නොමැතිව, වියළී ගිය දඹදිව් තලය, බිඳෙන් බිඳ දහම් පැන් ඉසිමින් යළි සුවපත් කරන්නට වෙර දරනා බුද්ධගයාවේ මහමෙව්නාව බුදු නුවණ භාවනා අසපුවෙන් රැව් පිළිරැව් දෙන භාරත බොදුනු දරුවන්ගේ මුවගින් නැගෙන, පාලි හින්දි සෙත් පිරිත් සජ්ඣායනාව මෙලෙසින් ඉදිරිපත් කෙරෙයි."
ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන පිහිටි බොහෝ ස්ථාන අවට පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලාංකික මෙන්ම අනෙකුත් බෞද්ධ රටවල විහාරස්ථාන සියල්ලගේම ආගමික වැඩ කටයුතු වලට අමතරව මෙවැනි දහම් පාසල් සහ භාවනා වැඩසටහන් ආදිය සංවිධානය කෙරෙයි. මේ තුලින් එම විහාරස්ථාන අවට ජීවත්වන ඉන්දියා පවුල්වල දරුවන්ට අදාළ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කෙරෙයි.
බුද්ධගයා මහමෙව්නා අසපුව මඟින් ද මේ ආකාරයේ සුවිසල් වැඩ කටයුතු සම්භාරයක් ක්‍රියාත්මක කරනු ලබයි. එමඟින් ඉන්දියා ජනතාව අතර බුදුන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳවත් මුලික අවබෝධයක් ලබාදීම අදහස් කෙරෙයි. මෙහිදී කිසිවෙකු ඔවුන්ගේ මුල් ආගම වෙනස් කොට බෞද්ධයන් කිරීම අරමුණු නොකෙරෙයි. මේ සියලු වැඩකටයුතු සඳහා දායකත්වය දක්වන්නේ ශ්‍රී ලාංකික සැදැහැවතුන්ය. මෙවන් පසුබිමක් යටතේ ක්‍රියාත්මක බුදු නුවණ වැඩසටහන් තුළින් බුද්ධගයාව අවට දරුවන් දහස් ගණනක් අධ්‍යාපනය ලබති. මොවුන් බොහෝ දෙනෙකු තුළ බුදුදහම පිළිබඳ ඇනුමක් මෙන්ම බුදුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක්ද නිරායාසයෙන්ම ඇතිවී තිබෙනු දක්නට ඇත.
අධ්‍යාපනය ලබාදෙන්නේ ඔවුනගේ මුල් භාෂාවෙනි. මේ පින්වත් දරුවන් මේ වනවිට පන්සිල්, බුද්ධ වන්දනා ආදිය ඔවුනගේ භාෂාවෙන් පැවැත්වීමට පුහුණුවී ඇත. එම ගාථාවන්ගේ අන්තර්ගත තේරුම් ඔවුන් හට වටහා ගැනීමට හැකිවී තිබේ.
ඔවුන් විසින් සිදු කරන පාලි හා හින්දි සෙත් පිරිත් සජ්ඣායනාව පටිගත කර විකාශනය කිරීමට ශ්‍රද්ධා රූපවාහිනි සේවය කටයුතු කරන්නේ මෙවන් පසුබිමක් යටතේය.
බුද්ධගයාන් මහමෙව්නා අසපුවේ වැඩසටහන් සාර්ථක කරගැනීමෙහිලා අපවත්වී වදාළ හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේ අනුපමේය සේවයක් ඉටුකළහ.
![BUDDHAGAYA[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BUDDHAGAYA1.jpg)
![BUDDHAGAYA2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BUDDHAGAYA21.jpg)
![BUDDHAGAYA3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BUDDHAGAYA31.jpg)
![BUDDHAGAYA4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/BUDDHAGAYA41.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු ! සාදු! සාදු! (නි)
කරුණාකර මෙවන් වැඩසටහනක් ශ්‍රී ලංකාවේ රුපවාහිනී නාලිකා මගින් ඉරුදින උදේ වරුවේ හෝ සතියේ දිනවල සන්ධ්‍යා කාලයේ ප්‍රචාරය කිරීමට කටයුතු කරන මෙන් සියලු නාලිකාවන්ගේ ප්‍රධානීන් ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි පොහෝ දා පමණක් නොව අනෙක් සැමදාමත් අඩු තරමින් එක පැයක් බුදු දහම වෙනුවෙන් වෙන් කරන ලෙස ඉල්ලමි (බ)
සාදු සාදු සාදූ, යහපතක් ම වේවා , අනේ බුද්ධගයාව වැද ගන්න මට පින් නැතුවා. (ම)
මෙපමණ දහම් වැසි වසින සද්ධර්මය සැම තැන දේශනා වන ලංකාවේ විතරක් මිනිස්සු මෙතරම් පිරිහෙන්නේ ඇයි? සද්ධර්මය නැති මිත්‍යා දෘෂ්ටිකයින් සිටින ඉතාලිය ස්විට්සර්ලන්තය ජර්මනිය වැනි රටවල වැසියන් සාරධර්ම අතින් අපට වඩා පොහොසත්. (බ)
පිටිගල අයියාගේ කියමන නම් සත්‍යයයි. අනේ අපිට මොකද වෙන්නේ? (නි)