ඇමෙරිකාව ඉරාකයේ අයි.එස්. සටන්කාමීන් ඉලක්කකැර ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන්නේ නියමුවන් රහිත ප්‍රහාරක යානා සහ නාවික හමුදා ප්‍රහාරක ජෙට් යානා යොදාගෙන මේ ප්‍රහාර එල්ලකළ බවයි.
ඉරාකයේ කුර්දි නගරයක්වන ඉර්බිල් නගරය ඔවුන්ගේ ඉලක්කය වී ඇත. අයි.එස්. සටන්කාමීන් ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක බලය අල්ලාගෙන සිටියි.
විදෙස් මාධ්‍ය පවසන්නේ අයි.එස් සටන්කාමීන් ඉරාකයේ විශාලතම වේල්ල ආශ්‍රිත ප්‍රදේශය ද අත්පත්කැරගෙන ඇති බවයි. ඔවුන් සිය බලය ව්‍යාපත් කිරීමත් සමග ඉරාකයේ සුළුතර ජනතාව තම වාසභූමි හැරදමා ගොස් ඇත.
2011 වර්ෂයේ දී ඇමෙරිකාව සිය හමුදා ඉවත්කර ගැනීමෙන් පසු ඇමෙරිකාව ඉරාකයේ මෙහෙයුම් සඳහා සෘජුව දායක වූයේ නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිල්ලේ,තද නින්දේ........ (නි)
ඇමරිකාව ගෙනයන වැඩපිළිවෙල හරි. ත්‍රස්තවාදය නැති කල යුතුයි. අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් කතෝලික හා ඔවුන් අකමැති සියලු අය ලොරි වලින් ගෙනත් ඔලුවට වෙඩි තියල මරනවා. කතෝලිකයන්ට බලෙන් ආගම කියවල බෙල්ල කපන්නේ. මරණ බයට කිව්වත් එ්ත් මරනවා. අන්තර්ජාලයේ ඔක්කොම තියෙනවා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. අයි එස් ත්‍රස්තවාදීන්ට අායුද දුන්නෙත් දෙන්නෙත් ඇමරිකාව තමා. ඒ සිරියාවට ගහන්න. එ්කේ අරමුණ රුසියාව පක්ෂපාති නිසා. සිරියාව අල්ලගත්තා නම් රුසියානු කදවුර දාලා යන්න වෙනවා. එතනින් පටන්ගන්නවා ඉරානයට ගහන්න. නමුත් ඇමරිකාව මේ ගහන්නේ අරමුණු 2 වෙනුවෙන්.1-කතෝලිකයන්ට ගහන නිසා. 2-ඉරාකය හරහා ඊශ්‍රයාලයට එයි කියලා. (නදී)
ලෝක පොලිස්කාරයා ඇමරිකාව නිසා ඔවුන් කරන සෑම දෙයක්ම සාධාරනීකරනය කරන්න බටහිර ලෝකයත්, සමහර රටවලුත් ඉන්නවා. මෙම දෙයම වෙනත් රටක් කළොත් ඒක අනුන්ගේ රටක අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමක්, මානව හිමිකම් කඩකිරීමක් වෙනවා . (නි)
අනාගතයේදී ලෝකයම අල්ලන්න වෙන්න ඇති සැළසුම. තණ්හාව තමයි ඉතින්. (නි)
මොනවා වුණත් සාමයයි රටකට වැදගත් (නි)
සදාම් හුසේන් කියන්නේ හොඳ කෙනේක කියලා මම කියන්නෙ නැහැ. නමුත් ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කරලා සදාම්ව එළෙව්වේ එයා ඇමරිකානු ඩොලර් වලින් පමණක් කළයුතු තෙල් විකිණීම වෙනත් මුදල් වලිනුත් විශාල වශයෙන් කිරීමට පෙළඹුන නිසයි. දිගින් දිගටම එහෙම ගියානම් ඇමරිකාව බංකොලොත් වෙනවා. මොකද ලෝකයේ සංසරණය වන ඇමරිකානු ඩොලර් ප්‍රමාණය අඩුවෙනකොට ඒ මුදල් නැවත පැමිණෙන්නේ ඇමරිකාවටයි, එතකොට ඒ මුදල් වලට භාණ්ඩ, සේවාවන් හෝ භාණ්ඩාගාරයෙන් රන් දෙන්න වුණොත් ඇමරිකාව ඉවරයි (නි)
මීට කලින් ඉරාකයේ යුද්ධය පිළිබඳව පළවූ ප්‍රවෘත්තියකට, මම දැමූ අදහසකට එක්කෙනෙක් මෙතන සමච්චලයට වගේ මගෙන් ඇහුවා " සදාම් හුසේන් මැරුවට ඇඩෙනවද " කියලා......මම එයාට කියන්න කැමතියි, " එක මිනිහෙක් මරන්න පටන්ගත් යුද්ධයක් නිසා, අහිංසක මිනිස්සු මිලියන ගානක් මියගිය එකටත්,ඉදිරියට තව මැරෙන්න ඉන්න එකටත් මට ඇඩෙනවා" කියලා...... (නි)
මෙතන ඇත්ත තත්වයට වඩා ඇමරිකන් බොරුව වැඩි බවයි මට පේන්නේ. හරියට අපේ රටට එල්ල කල චැනල් 4 නාඩගම වගේ (නදී)
ඇමෙරිකාව කරන හැම ක්‍රියාවක්ම නිවැරිදි නොවුනත් මේ ප්‍රහාර සාධාරණයි. ඔවුන්ට අනිවාර්යයෙන් පහර දිය යුතුයි. ඔවුන් ආගමේ නාමෙන් අමු අමුවේ මිනි මරණ ම්ලේච්ච ත්‍රස්තවාදීන් පිරිසක්. ලෝකයේ ත්‍රස්තවාදය ඇතිකරවන්නෙත් එ්ක පාලනය කරවන්නෙත් අවසානයේ එ්කෙන් පහර කන්නෙත් අමෙරිකාවම තමයි. එයාල ඒ ගනු දෙනු බේර ගත්තදෙන්. (නදී)
ප්‍රේමතිලක, ඔබ හරියට කරුණු දැනගෙන නෙමෙයි අදහස් දක්වා තියෙන්නේ. ඇමරිකාව වගේම මේ ත්‍රස්තවාදීන් ලෝකයේ සාමයට තර්ජනයක්. අයි.එස් ත්‍රස්තවාදීන්ගේ සැලැස්ම වෙලා තියෙන්නේ ලෝකයම අත්පත් කරගෙන ෂරියා නීතිය ක්‍රියාත්මක වන රාජ්‍යයක් පිහිටුවන්න. ඔවුන් එවැනි රාජ්‍යයක සිතියමක් පවා මේ වනවිට ප්‍රසිද්ධ කර තිබෙනවා. (නදී)
ඇමරිකාව කරන දේවල් බොහොමයක්ම නිවැරදියි කියන්න බෑ.අතීතයේ කරපු දේවලුත් දැන් වැඩක් නෑ. ඒත් මේ ත්‍රස්තවාදය පාලනය කරන්නනම් ඕන. (නදී)
මට නම් හිතෙන්නේ කලින් ඇමරිකාවේ හිටිය ජනාධිපතිවරුන්ට වඩා මිස්ටර් ඔබාමා මානුෂික ගති තියෙන,ඉවසීමෙන් වැඩකරන, බුද්ධිමත්, හොඳ නායකයෙක් කියලයි. දුප්පත් පැලක ඉපදිලා ජීවිතය ජයගත් කෙනෙක් එතුමා. අඩුපාඩුත් නැතුවම නෙමෙයි. වැඩ අතින් අපේ ජනාධිපතිතුමාටත් සමාන කරන්න පුළුවන්. (නදී)
අහිංසක මිනිස්සු මැරෙන්නේ නැද්ද දන්නේ නැහැ (දී)
මේ පිල්ලේ නෝනව දැක්කද (දී)
කෝ මානව හිමි කම් (දී)
බින් ලාඩන්ට ගහපු ගැහිල්ල කමක් නැහැ කියමුකෝ.මානව හිමිකම් ගැන ලෝකෙට ප්‍රකාශ කරමින් ,කරන මේ ප්‍රහාර සිවිල් ජනතාවට බලවත් පීඩාවක් ගෙන දෙන්නක්.තමා තෙල් රටවල් කෙරෙහි දක්වන කෑදර කම කොතරම්ද කියා මුළු ලොවම දන්නවා.. (දී)
200 කට වෑඩි පිරිසක් පෝලිමට තියලා වෙඩි තියපු කෑරලි කරුවන්ට ගහන්නම ඕනේ. පිට රටක ඉන්නවා නම් ඕවා දකින්න පුලුවන්. මේ විදියට දිගටම ගියොත් මුලු ලෝකෙම අයි එස් ලා අල්ලාගනීවි එදාට ඈමරිකාවට දොස් කියයි. ඔය බනින උදවිය මොනවත්ම කලේ නෑහෑ කියලා (නදී)