ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩයේ ෂියා මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනකු මියගොස් නවදෙනෙක් තුවාල ලැබූහ.
සද්ර් නගරයේ පිහිටි බලාදිවාත්හි ඉමාම් මහ්දි අල් මුන්ටාදාර් දේවස්ථානයට එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල විය.
“මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් ඇඳගත් පුද්ගලයකු පල්ලියට ඇතුළු වෙන්න උත්සාහ කළා. ආරක්ෂක භටයන් ඔහු නතර කර පරීක්ෂා කළ අවස්ථාවේදී ඔහු බෝම්බය පුපුරුවා ගත්තා” යැයි නිලධාරියෙක් පැවැසීය.
“සිවිල් වැසියන් දෙදෙනකු මියගයා. තවත් නවදෙනකු තුවාල ලැබුවා” යැයි ද එම නිලධාරියා කීය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd