ඉරාකයේ බැග්ඩෑඩ් නගරයට නැගෙනහිරින් පිහිටි පෙදෙසේ වෙළඳ පොළක සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 24 දෙනකු මියගොස් ඇතැයි ඉරාක බලධාරින් පවසයි.

එම ප්‍රදේශය ශියා මුස්ලිම් පාලනයේ පවතින බවත් එල්ල වී ඇත්තේ මරාගෙන මැරෙණ ප්‍රහාරයක් බවත් විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයට මරාගෙන මැරෙන අයි.එස්. ත්‍රස්තයන් දෙදෙනකු පැමිණි බව එම ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් ප්‍රකාශ කැර ඇත.