ඉරාකයේ දකුණු දිග ඩයිකා පළාතේ නසිරියා ප්‍රදේශයේ පුපුරා ගිය බෝම්බ දෙකකින් 60දෙනකු පමණ මියගොස් 90ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මරාගෙන මැරෙන බෝම්බකරුවකු අවන්හලක් තුල බෝම්බයක් පුපුරුවාගෙන ඇති අතර එහි වෙඩි තැබීමක් ද සිදුවී ඇතැයි පොලිසිය පවසයි. ඊට සුළු වේලාවකට පසු ඒ ආසන්නයේ පිහිටි පොලිස් මුරපොලක අනෙක් බෝම්බය පිපිරී ඇත. එය මෝටර් රථයක අටවා තිබූ බව පැවසේ.
අයිඅස් සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර මෙම ප්‍රහාරයෙන් ඉරාන ජාතිකයන් ද ඇතුළුව ශියා මුස්ලිම් බැතිමතුන් විශාල පිරිසක් මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
(බීබීසි පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd