ඉරාකයේ පසුගිය දින කිහිපයේ විරෝධතාවයේ යෙදුනු පිරිස් අතර ඇතිවුණු දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් වේ.
වැඩි දෙනෙක් මියගොස් ඇත්තේ ගතවූ පැය 24 තුළ බවත් කලබල ඇතිකිරීම සම්බන්ධව දේශපාලකයන් වෙත චෝදනා එල්ල වන බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
පෙළපාලිකරුවන් මර්ධනය කිරීම සඳහා හමුදාව ජීව උණ්ඩ භාවිතා කර ඇති අතර ඒ හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ බවට පෙළපාලිකරුවෝ චෝදනා කරති.
සිදු වූ අනතුරු හේතුවෙන් සියගණනක් පිරිස් තුවාල ලබා ඇත. නගර ගණනාවක ඇඳිරි නීති පනවා ඇති අතර දේපල හානි හා ගිනි තැබීම් ද වාර්තා වී ඇත.
ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මහතා ජනතාව අමතමින් පවසා ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න රජය තේරුම්ගෙන ඇති නමුත් ඒ සඳහා ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd