ඉරාකයේ පසුගිය දින කිහිපයේ විරෝධතාවයේ යෙදුනු පිරිස් අතර ඇතිවුණු දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන් වේ.
වැඩි දෙනෙක් මියගොස් ඇත්තේ ගතවූ පැය 24 තුළ බවත් කලබල ඇතිකිරීම සම්බන්ධව දේශපාලකයන් වෙත චෝදනා එල්ල වන බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
පෙළපාලිකරුවන් මර්ධනය කිරීම සඳහා හමුදාව ජීව උණ්ඩ භාවිතා කර ඇති අතර ඒ හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වූ බවට පෙළපාලිකරුවෝ චෝදනා කරති.
සිදු වූ අනතුරු හේතුවෙන් සියගණනක් පිරිස් තුවාල ලබා ඇත. නගර ගණනාවක ඇඳිරි නීති පනවා ඇති අතර දේපල හානි හා ගිනි තැබීම් ද වාර්තා වී ඇත.
ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මහතා ජනතාව අමතමින් පවසා ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න රජය තේරුම්ගෙන ඇති නමුත් ඒ සඳහා ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාකයේ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් 46 ක් මරුට