ඉරාකයේ ස්කන්ධරියා නගරයේ සිකුරාදා (25) රාත්‍රියේ පැවැති පාපන්දු තරගයකට එල්ලවූ අයිඑස් ප්‍රහාරයකින් පුද්ගලයන් 29 දෙනනකු මියගිය බව විදෙස් පුවත් සේවා පවසයි.

ස්කන්ධරියා නගරයේ නගරාධිපතිවරයාද ප්‍රහාරයෙන් මියගොස් ඇත.

ප්‍රහාරයෙන් පසුව කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී තවත් බෝම්බ කිහිපයක් සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

පාපන්දු තරගය අවසන් වනවාත් සමගම මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලවී ඇතැයි ද එයින් 60 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලැබූ බවද ඉරාක වාර්තා පවසයි.