ඉරාකයේ ෆලුජාහ් නගරය මුළුමනින්ම අයි එස් සටන්කාමීන්ගෙන් මුදාගත් බව ඉරාක හමුදාපති ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැයි මස ආරම්භ කරන ලද මුදවාගැනීමේ මෙහෙයුම සති පහකට පසු සාර්ථකව අවසන් කළ බව ඔහු ප්‍රකාශ කළේය.
ඉරාකයේ දෙවන විශාලම නගරය වන ෆලුජාහ් නගරය සටන්කාමීන් අතට පත් වූ ඉරාකයේ පළමු නගරයයි. එමෙන්ම එම නගරයේ යුද ගැටුම් හේතුවෙන් පලා ගිය ජනතාවට නැවත නගරයට පැමිණෙන ලෙසත් මෙම ජයග්‍රහණය සමරන ලෙසත් එරට අගමැති හයිධි අල්ප්-අබාධි ප්‍රකාශයක් නිකුත් කළේය.
නමුත් යුදමය තත්ත්වය හේතුවෙන් පලා ගිය ජනතාව මේ වන විටත් නගරය අවට සරණාගත කදවුරු වල දහස් ගණනින් රැදී සිටින බව සදහන් වේ. නගරය මුදාගත්තද මේ වන විටත් ගුවන් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් නගර වැසියන් නැවත පැමිණීම අනතුරු දායක බව ඇමෙරිකා යුද පෙරමුණ පවසයි.
එමෙන්ම ත්‍රස්තවාදීන් විසින් අතහැර දමා ගිය බෝම්බ සහ යුධ තවමත් නගරයේ ඇති හෙයින් ඒවා ඉවත් කරන තුරු නැවත පැමිණීම අහිතකර බව යුධ ආධාර කණ්ඩායම් සදහන් කරයි.
මෙම නගරය මුදවාගැනීමට ඇමෙරිකානු හමුදාවේද සහය ලැබුණු බවට සදහන් වේ.
2025 නොවැම්බර් මස 04
584
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2276
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාකයේ දෙවැනි ලොකුම නගරය මුදා ගනියි