ඉරාකයේ ෆලුජාහ් නගරය මුළුමනින්ම අයි එස් සටන්කාමීන්ගෙන් මුදාගත් බව ඉරාක හමුදාපති ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැයි මස ආරම්භ කරන ලද මුදවාගැනීමේ මෙහෙයුම සති පහකට පසු සාර්ථකව අවසන් කළ බව ඔහු ප්‍රකාශ කළේය.

ඉරාකයේ දෙවන විශාලම නගරය වන ෆලුජාහ් නගරය සටන්කාමීන් අතට පත් වූ ඉරාකයේ පළමු නගරයයි.  එමෙන්ම එම නගරයේ යුද ගැටුම් හේතුවෙන් පලා ගිය ජනතාවට නැවත නගරයට පැමිණෙන ලෙසත් මෙම ජයග්‍රහණය සමරන ලෙසත් එරට අගමැති හයිධි අල්ප්‍-අබාධි ප්‍රකාශයක් නිකුත් කළේය.

නමුත් යුදමය තත්ත්වය හේතුවෙන් පලා ගිය ජනතාව මේ වන විටත් නගරය අවට සරණාගත කදවුරු වල දහස් ගණනින් රැදී සිටින බව සදහන් වේ. නගරය මුදාගත්තද මේ වන විටත් ගුවන් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් නගර වැසියන් නැවත පැමිණීම අනතුරු දායක බව ඇමෙරිකා යුද පෙරමුණ පවසයි.

එමෙන්ම ත්‍රස්තවාදීන් විසින් අතහැර දමා ගිය බෝම්බ සහ යුධ තවමත් නගරයේ ඇති හෙයින් ඒවා ඉවත් කරන තුරු නැවත පැමිණීම අහිතකර බව යුධ ආධාර කණ්ඩායම් සදහන් කරයි.

මෙම නගරය මුදවාගැනීමට ඇමෙරිකානු හමුදාවේද සහය ලැබුණු බවට සදහන් වේ.