ඉරාකයේ කාලිස් නගරයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ පුද්ගලයන් 9 දෙනකුවත් මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.
ඉරිදා රාත්‍රියේ බැග්ඩෑඩ් නුවර සිදුවූ ප්‍රහාරයෙන් පසු අගනුවරට කිලෝ මීටර් 70ක් පමණ ඈතින් පිහිටි කාලිස් නගරයේදී මෙම ප්‍රහාරය අද එල්ලවී ඇතැයි කියති.
රෝහල් ආරංචි කියනුයේ මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බවයි. ඉරිදා බැග්ඩෑඩ් නුවර ප්‍රහාරයෙන් 21 දෙනකු පමණ මිය ගිය අතර එය අයිඑස් ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවක් බවද කියති. කාලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු අයෙක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මානව හිමිනම් මහත්තයල මේවට කතා නැත්තෙ ඇයි. (අ)
අර මානව හිමිනම් උන්නැහේල මේවට කතා නැත්තෙ ඇයි (අ)
ඔවුන් මේ ලෝකයට කරන කෘෘරකම් නිසා ඔවුන් ඉක්මනින්ම විනාශයට යනවා. ඔවුන්ගේ කෘෘරත්වය සහ බල ලෝභය ලොවටම පිළිලයක් වෙලා. (නි)
බෝම්බ තියන තැන්වලට ගිහින් දාන්න ඕනේ බොරු චෝදනා හදාගෙන, යුද්ධ හදාගෙන, කාපු ලෝක හිතවාදී නායකයන් කියාගන්න අයව. අහිංසක දුප්පත් අසරණ අය මැරෙනකන් බලාගෙන ඉන්නවා (ම)