ඉරාකයේ මොෂූල් නගරයේ හමුදා මෙහෙයුම් තවත් උත්සන්න කර ඇති අතර අයිඑස් ත්‍රස්තයින් එහි කුඩා ළමයින් ඇතුළු වැසියන් විශාල පිරිසක් ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

බෂීඛා නගරය අල්ලා ගැනීම කුර්දිෂ් සටන්කාමීන් නව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි කියති.

අයිඑස් ත්‍රස්තයන් මිනිස් පළිහක් ලෙස එහි සිටින කුඩා දරුවන් ඇතුළු පිරිසක් යොදා ගෙන ඇතැයි ද වාර්තාවේ.

අයිඑස් ත්‍රස්තයන්ට එරෙහි ගුවන් මෙහෙයුම් සඳහා තුර්කියද සම්බන්ධවී ඇති අතර සෙනසුරාදා ගැටුම් සඳහා තුර්කියේ මැදිහත්වීම ඉරාක අගමැති ප්‍රතික්ෂේප කර තිබිණි.

බෂීකා නගරයට මාධ්‍යවේදීන්ට ඇතුළුවීම ද තහනම් කර ඇත.

ආසන්න ගම්මානයක සිට ලබාගත් රොයිටර් රූපවාහිනී දර්ශනවලින් පෙනී ගියේ බෂීකා හි මෝටාර් සහ මැෂින් තුවක්කුවලින් එල්ලවන ප්‍රහාර හේතුවෙන් දුම මතුවී ඉහළ නගින ආකාරයයි.