මොසූල් නගරයේ අයි එස් සටන්කරුවන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල සාර්ථක ලෙස ආක්‍රමණය කළ ඉරාක හමුදා මේ වනවිට ක්‍රමානුකූලව නගරය අභ්‍යන්තරයට සේන්දු වෙමින් පවතින බව විදෙස් පුවත් ඒජන්සි සඳහන් කරයි.
බී.බී.සී මාධ්‍යවේදී ඉයන් පැනල් සඳහන් කරන ආකාරයට අයි.එස් සටන්කරුවන්ගෙන් ඇතැමෙකු ආරක්ෂක වළලුවලම තවදුරටත් රැඳී සිටිමින් සටන් කරද්දී අනෙක් සටන්කරුවෝ නගරය අභ්‍යන්තරයට පලා යමින් සිටිති.
කෙසේ වෙතත් විදෙස් ආධාර සංවිධාන අවධාරණය කරන්නේ ලක්ෂ දොළහකට අධික සිවිල් වැසියන් පිරිසක් මේ තත්ත්වය නිසා දරුණු අන්තරාවකට ලක්ව ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! මේ විනාශ වෙන්නේ ජීවිත නේද? (නි)
මෙවන් නවතම පුවත් ගෙනඑන ලංකාදීපයට තුති! (නි)