IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉරාක සෙබළා එලොව ගිහින් මෙලොව එයි

මියගියා සේ පෙනී සිටිමින් අයිඑස්අයිඑස් අන්තවාදීන්ගේ තවත් කුරිරු ඝාතනයකින් ගැලවීමට ඉරාක සොල්දාදුවෙකු සමත්ව ඇත.

දිවිගලවාගත් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ තමන් ඇතුළු සිය දෙනෙකු පමණ එක පෙළට සිටුවා වෙඩි තැබීමට අසිඑස්අයිඑස් ත්‍රස්තයින් කටයුතු කළ බවයි.

තමන් පසෙක සිටි තම සගයාට වෙඩි වැදුණු පසු තමන්ද මරණය අපේක්ෂාවෙන් සිටියද අයිඑස්අයිඑස් තුවක්කුකරුවා තැබූ උණ්ඩය තම හිසෙහි වැදී නොවැදී පියඹා ගිය බව ඔහු පැවසීය.

එකෙණෙහිම තමන් මළාක් මෙන් බිම පතිත වූ බවත් මියගිය අයෙකුගේ ලේ මුහුණේ තවරාගෙන දින 3 ක් ගතවන තෙක් අසළ තිබූ පැළෑටි ලෑටි ගාමින් ත්‍රස්තයින් එම ස්ථානයෙන් ඉවත්වන තෙක් සිටි බවත් ඔහු හෙළි කළේය.

අවසානයේ ඔහු එතැනින් පැන විත් ඉරාක ආරක්ෂක අංශ වලට එක්ව ඇත.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කළ වීඩියෝවක්ද අයිඑස් අන්තවාදීන් නිකුත් කර තිබුණු අතර එහි තමන් වැතිරී සිටිනුද දිවි ගලවාගත් හමුදා භටයා පෙන්වූවේය.

ලේ පිපාසිත අයිඑස් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම් වල තවමත් අවසානයක් පෙනෙන්නට නැත.දිනපතාම පාහේ ඔවුන් සිවිල් වැසියන්,හමුදා භටයින් ආදීන් ඝාතනය කරමින් සිටින්නේ සිය ගණනිනි.

එසේ සමූල ඝාතනයක් සිදුකළ විගස ඒ පිළිඹද පාරම් බාමින් සකස් කෙරී ඇති වීඩියෝවක්ද අන්තර්ජාලයට එක් කිරීමට ඔවුහු අමතක නොකරති.

අන්තවාදීන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේදැයි ස්ථීර ක්‍රියාමාර්ගයකට එළැඹීමට බටහිර තවමත් අපොහොසත් වී ඇත.

1409851260819_wps_3_FILE_This_file_image_post 1409851263917_wps_4_FILE_This_file_image_post 1409851275450_wps_5_Video_released_by_ISIS_sh



අදහස් (0)

ඉරාක සෙබළා එලොව ගිහින් මෙලොව එයි

කිංස්ලි පෙරේරා-බහරේන් Friday, 05 September 2014 07:23 PM

කෝ මහා ලොකු ලෝක පොලිස්කාරයා මොකද මේවට අත දමන්නේ නැත්තේ? මෙහෙමත් මිනිස්සු මරන්න ඉඩදෙන්න පුලුවන්ද? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 05 September 2014 09:03 PM

අද ලෝකයම මේ නිසා දුක් විඳිනවා (නි)

:       0       0

ෂෙහාන් Friday, 05 September 2014 09:49 PM

කෝ අර පිල්ලෙලා නැද්ද? (නි)

:       0       0

රජින්ද Friday, 05 September 2014 09:05 AM

මේ සෙබලාගේ ක්‍රියාව අද්විතීයයි. ඒත් මොහු ගැලවුණු ආකාරය හෙළිකිරීමෙන් මේ ත්‍රස්තයින් මින්පසු දෙවතාවක් වෙඩි තබන්නත් පුලුවන් (නි)

:       0       0

කමල් Friday, 05 September 2014 10:51 AM

ආගමක් වෙනුවෙන් මෙහෙම මරන්න පුළුවන්ද? (අ)

:       0       0

ශාන්ත Friday, 05 September 2014 11:34 AM

මෙහෙම මිනිස්සු මැරෙන්නේ හුඟක් කල් ඉඳලා (නි)

:       0       0

හිරා Saturday, 06 September 2014 03:36 AM

දෙවියන්ගේ කැමැත්ත. (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 06 September 2014 05:36 AM

මේ තමන්ගේම සහෝදරයන්ව නේද මරන්නේ. මුන්ට හිතක් පපුවක් නැද්ද. මුනුත් හරියට එල්.ටි.ටි.ඉ ය වගේ. (නදී)

:       0       0

ජීවන් Friday, 05 September 2014 02:55 PM

කෝ දැන් මානව හිමිකම් ගැන කතාකරන අය? (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 06 September 2014 08:31 AM

මේවා දැක්කම පිල්ලෙලගේ කටේ පිට්ටු (නදී)

:       0       0

චමත් Saturday, 06 September 2014 09:29 AM

හෙණ ගහපන් (නදී)

:       0       0

ක්ලේයාර් Saturday, 06 September 2014 09:40 AM

මානව හිමිකම් කට්ටිය නිදිද? (නදී)

:       0       0

අජිත් Saturday, 06 September 2014 09:56 AM

කෝ අර පිල්ලෙ නැන්දා. එයාට මේවා පේන්නේ නැද්ද? ආ දැන් එයා වයසයිනේ (නදී)

:       0       0

ඉන්ද්‍රා Saturday, 06 September 2014 10:12 AM

අජිත් නැන්දටනම් මේ ගැන ගානක් නෑ වගේ සුදු මමලාගේනම් ඇස් ඇරිලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site