IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉරාක පොලිස් මුර පොළට ප්‍රහාරයක්

ඉරාකයේ කිර්කුක් හි පිහිටි ආරක්ෂක මුරපොළකට ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබ තිබේ.

ඉරිදා පස්වරුවේ මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර මේ ප්‍රහාරයෙන් ඉරාකයේ පොලිසියේ 10 දෙනකු මියගොස් තවත් සිවුදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඉස්ලාමික් ස්ටේට් සටන්කාමීන් මෙම ප්‍රදේශයේ ඉතා ක්‍රියාකාරී වන අමාක් ප්‍රවෘත්ති සේවය ඔස්සේ ඔවුන් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ. අමාක් ප්‍රවෘත්ති සේවය ටෙලිග්‍රෑම් ඔස්සේ ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වේ.

කිර්කුක් නගරයට කිලෝමීටර 30ක් පමණ දුරින් පිහිටි රෂාඩ් නගරයේ පොලිස් මුරපොළකට මෙම ප්‍රහාරය එල්ල වී තිබෙන අතර පොලිසිය සහ ප්‍රහාරකයන් අතර පැය දෙකකට ආසන්න කාලයක් වෙඩි හුවමාරු සිදුව ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් මුරපොළේ සිටින පොලිස් නිලධාරීන්ගේ සහායට තවත් පොලිස් නිලධාරීන් පැමිණීම වැළැක්වීම සඳහා සටන්කාමීන් මාර්ග දෙසට ද  බෝම්බ ප්‍රහාර එල්ල කර තිබෙන අතර එම ප්‍රහාරවලින් පොලිසියට අයත් මෝටර් රථ තුනක් ද විනාශයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කළේය.

ඉරාකයේ මොසුල් නුවර පිහිටි ආරක්ෂක මුරපොළකට ද ඉරිදා තවත් ප්‍රහාරයක් එල්ල වී තිබිණි. එම ප්‍රහාරයෙන් ඉරාක සොල්දාදුවන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි වාර්තා විය.

ඉරාකය තුළ ක්‍රියාත්මක ඉස්ලාමික් ස්ටේට් සන්නද්ධ කණ්ඩායම 2017 වසරේ දී පරාජයට පත්වුව ද ඔවුන් ඉරාකය තුළ විවිධ ස්ථානවල ප්‍රහාර එල්ල කරමින් පළා යමින් සිටියි.

(රොයිටර්)



අදහස් (0)

ඉරාක පොලිස් මුර පොළට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 664 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2332 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1724 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site