පින්සල වෙනුවට කාචයකුත්, වර්ණ වෙනුවට හිරු එළියත්, පුවරුව වෙනුවට ලෑල්ලකුත් යොදාගෙන අපූරු සිතුවම් මවන්නෙකි පිලිපීන ජාතික ජොර්ඩන් මන්ග් ඕසන්.
සාම්ප්‍රදායික සිතුවම් ඇදීමේ කලාවෙන් බැහැර ඔහුගේ සිතුවම් නිර්මාණය කිරීමට මාස ගණන් ගතවේ. නමුත් ඒවා හා සමකළ හැකි කිසිත් නොමැත.
මුලින්ම ඇදීමට යන සිතුවම ලී පුවරුව මත දළ වශයෙන් සටහන් කරන ජොර්ඩන් අනතුරුව කාචයෙන් හිරු එළිය එම සටහන් මතට නාභිගත කරවමින් ලී පුවරුව ක්‍රමානුකූලව පුළුස්සයි. මෙයට මනා සංයමයක් මෙන්ම දක්ෂතාවක් අවැසි බව නොකිවමනාය.
පුළුස්සා අවසන්වූ පසු පුවරුව මත ඇත්තේ සිත වසඟ කරවන සිතුවමකි.
දුප්පත් කම කරපින්නාගෙන පැමිණ තිබෙන ජොර්ඩන් අද ඔහුගේ දස්කම් නිසා ඉහළට පැමිණ සිටින්නෙකි. චිත්‍ර කලාවට උපන් හපනෙක් වන ඔහු සියලූම ආකාරයේ සිතුවම් ඇඳීමේ කලාවන් ප්‍රගුණ කර ඇත්තෙකි.
නමුත් වැඩි කැමැත්ත ඇත්තේ මෙසේ පරිසරයෙන්ම සපයා ගත හැකි දේ භාවිතා කර සිතුවම් ඇඳීමට බව ඔහු කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාව් ..! අදහා ගන්න බැරිව ගියා ඒ නිර්මාණය හරිම දක්ෂ නිර්මාණයක්..! ඔබට ජය ..!!! (නදී)
සෑම චිත්‍රයකම සැගවුණු මුහුණු කීපයක් ඇත. ඉතා දක්ෂ කලාකරුවෙක්. "ලංකාදීප" ට තුති. (නදී)
හැම චිත්‍රයකම සැඟවුණු මුහුණක් තියෙනවා. හරිම විශිෂ්ඨයි. පිලිපීනයේ බොහෝ ප්‍රදේශවල අත්කම් සහ කළා නිර්මාණ කරන ගම්මාන තියෙනවා. බටපොතු, වේවැල්,පන්වර්ග ආදියෙන් සහ දැව උපයෝගී කරගෙන ලස්සන නිර්මාණ කර විකුනනවා. මිලත් අඩුයි. මම මීට අවුරුදු 15 ට විතර කලින් පිලිපීන වලින් ගෙනා එවැනි කළා නිර්මාණ අදටත් එම අයුරින්ම සුරැකිව තියෙනවා. (නදී)
ඉතා අගෙයි! (අ)
පළමුවන පින්තුරයත් බලන්න මුහුණක් තියෙනවා (නදී)
අනේ සමහර උදවිය මොහුට සුබ පතන්නේ එයා ලංකාදීප පත්තරේ කියවනවා වගේ (නදී)
අගයකළ යුතු නිර්මාණයක් මේ... (අ)
නියමයි.. (අ)
අගෙයි අගෙයි හරිම අගෙයි.(හේ)
4 වෙනි පින්තුරේ විශේෂත්වය බලන්න. අති විශිෂ්ඨයි. ගැහැණු කෙනෙක්ගේ මුහුණ සහ ශරීරය අැඳ තිබේ (නදී)
ඇත්තෙන්ම නියමයි, සැබෑ දක්ෂයෙක්. සුභ පතනවා.(හේ)
මේක නම් අදහාගන්නත් අමාරුයි (නි)
පිලිපීන ජාතිකයන් කලාවට බොහොම දක්ෂයි.(හේ)
මගේ සුබ පැතුම් , විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් , දිනෙන් දින දියුණු වේවා !(හේ)