IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉර එළියෙන් සිතුවම් අඳී

පින්සල වෙනුවට කාචයකුත්, වර්ණ වෙනුවට හිරු එළියත්, පුවරුව වෙනුවට ලෑල්ලකුත් යොදාගෙන අපූරු සිතුවම් මවන්නෙකි පිලිපීන ජාතික ජොර්ඩන් මන්ග් ඕසන්.

සාම්ප්‍රදායික සිතුවම් ඇදීමේ කලාවෙන් බැහැර ඔහුගේ සිතුවම් නිර්මාණය කිරීමට මාස ගණන් ගතවේ. නමුත් ඒවා හා සමකළ හැකි කිසිත් නොමැත.

මුලින්ම ඇදීමට යන සිතුවම ලී පුවරුව මත දළ වශයෙන් සටහන් කරන ජොර්ඩන් අනතුරුව කාචයෙන් හිරු එළිය එම සටහන් මතට නාභිගත කරවමින් ලී පුවරුව ක්‍රමානුකූලව පුළුස්සයි. මෙයට මනා සංයමයක් මෙන්ම දක්ෂතාවක් අවැසි බව නොකිවමනාය.

පුළුස්සා අවසන්වූ පසු පුවරුව මත ඇත්තේ  සිත වසඟ කරවන සිතුවමකි.

දුප්පත් කම කරපින්නාගෙන පැමිණ තිබෙන ජොර්ඩන් අද ඔහුගේ දස්කම් නිසා ඉහළට පැමිණ සිටින්නෙකි. චිත්‍ර කලාවට උපන් හපනෙක් වන ඔහු සියලූම ආකාරයේ සිතුවම් ඇඳීමේ කලාවන් ප්‍රගුණ කර ඇත්තෙකි.

නමුත් වැඩි කැමැත්ත ඇත්තේ මෙසේ පරිසරයෙන්ම සපයා ගත හැකි දේ භාවිතා කර සිතුවම් ඇඳීමට බව ඔහු කියයි.

Jordan-Mang-osan3-550x346 Jordan-Mang-osan4-550x412 Jordan-Mang-osan5-550x411 Jordan-Mang-osan6-550x412 Jordan-Mang-osan7-550x309



අදහස් (0)

ඉර එළියෙන් සිතුවම් අඳී

රූපවතී Friday, 17 October 2014 09:03 AM

වාව් ..! අදහා ගන්න බැරිව ගියා ඒ නිර්මාණය හරිම දක්ෂ නිර්මාණයක්..! ඔබට ජය ..!!! (නදී)

:       0       0

හියුගෝ Sunday, 19 October 2014 12:06 PM

සෑම චිත්‍රයකම සැගවුණු මුහුණු කීපයක් ඇත. ඉතා දක්ෂ කලාකරුවෙක්. "ලංකාදීප" ට තුති. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 19 October 2014 06:06 AM

හැම චිත්‍රයකම සැඟවුණු මුහුණක් තියෙනවා. හරිම විශිෂ්ඨයි. පිලිපීනයේ බොහෝ ප්‍රදේශවල අත්කම් සහ කළා නිර්මාණ කරන ගම්මාන තියෙනවා. බටපොතු, වේවැල්,පන්වර්ග ආදියෙන් සහ දැව උපයෝගී කරගෙන ලස්සන නිර්මාණ කර විකුනනවා. මිලත් අඩුයි. මම මීට අවුරුදු 15 ට විතර කලින් පිලිපීන වලින් ගෙනා එවැනි කළා නිර්මාණ අදටත් එම අයුරින්ම සුරැකිව තියෙනවා. (නදී)

:       0       0

මංජුල කරුණාරත්න Saturday, 18 October 2014 04:13 AM

ඉතා අගෙයි! (අ)

:       0       0

සමන් පෙරේරා Saturday, 18 October 2014 01:22 PM

පළමුවන පින්තුරයත් බලන්න මුහුණක් තියෙනවා (නදී)

:       0       0

සනී Sunday, 19 October 2014 07:25 AM

අනේ සමහර උදවිය මොහුට සුබ පතන්නේ එයා ලංකාදීප පත්තරේ කියවනවා වගේ (නදී)

:       0       0

කලීල් බණ්ඩාරවෙල Saturday, 18 October 2014 07:25 AM

අගයකළ යුතු නිර්මාණයක් මේ... (අ)

:       0       0

නාලක Saturday, 18 October 2014 07:28 AM

නියමයි.. (අ)

:       0       0

ඉන්දු Monday, 20 October 2014 07:15 AM

අගෙයි අගෙයි හරිම අගෙයි.(හේ)

:       0       0

චමින්ද Saturday, 18 October 2014 09:23 AM

4 වෙනි පින්තුරේ විශේෂත්වය බලන්න. අති විශිෂ්ඨයි. ගැහැණු කෙනෙක්ගේ මුහුණ සහ ශරීරය අැඳ තිබේ (නදී)

:       0       0

තරංගා Friday, 17 October 2014 06:22 AM

ඇත්තෙන්ම නියමයි, සැබෑ දක්ෂයෙක්. සුභ පතනවා.(හේ)

:       0       0

ටෙනිසන් Sunday, 19 October 2014 10:44 PM

මේක නම් අදහාගන්නත් අමාරුයි (නි)

:       0       0

නිහාල් Friday, 17 October 2014 06:44 AM

පිලිපීන ජාතිකයන් කලාවට බොහොම දක්ෂයි.(හේ)

:       0       0

ශාන් Friday, 17 October 2014 07:22 AM

මගේ සුබ පැතුම් , විශිෂ්ට නිර්මාණ ශිල්පියෙක් , දිනෙන් දින දියුණු වේවා !(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site