IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉම්රාන්ට බහුතරය නෑ

විපක්ෂයේ දෝශාභියෝගයට මුහුණ දෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පාකිස්තාන ජාතික සභාවේ (පාර්ලිමේන්තුවේ) බහුතරය අහිමි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට වන අතර, 2018 මැතිවරණ ජයෙන් පසු ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පිහිටුවා ඇත්තේ සභාග රජයකි.

එම සභාග රජයේ ඉම්රාන් ඛාන්ගේ ප්‍රධාන හවුල්කාර පක්ෂය වන්නේ ‘මුතාහිදා ක්වාමි පෙරමුණ’ පක්ෂයයි. මෙම පක්ෂය ඉම්රාන් ඛාන්ගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයෙන් වෙන්වී, පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය වන ‘ජනතා පක්ෂය’ සමඟ එක් විණි.

පාකිස්තානය වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් වගකිව යුතු යැයි චෝදනා නගමින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ද බිලාවිල් භූතෝ නායකත්වය දෙන පාකිස්තාන ජනතා පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයයි.

‘මුතාහිදා ක්වාමි පෙරමුණ’ විපක්ෂය සමඟ එක්වීමත් සමඟ පාකිස්තාන ජාතික සභාවේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ට ඉතිරිවී ඇත්තේ 164 ක් පමණි. ඒ අනුව, ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වෙයි.

පාකිස්තාන ජාතික සභාවේ ආසන 342 කි. බහුතර බලය සඳහා ආසන 177 ක් තිබිය යුතුය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංගය විවාදයට ගැනීමට නියමිත අතර, ඡන්ද විමසුම ලබන 3 වැනිදා පැවැත්වෙනු ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන්ට බහුතරය නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site