යුක්රේන රුසියානු අර්බුදය මුල්කොට ගනිමින්, තෙවැනි ලෝක යුද්ධයක් හට ගනීවි යැයි බියක් නිර්මාණය වී ඇති අවස්ථාවක, දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. අග්‍රාමාත්‍ය ඉම්රාන් මොස්කව් අගනුවර බලා පැමිණියේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ඇරැයුමකට අනුවය.
ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. පාකිස්තාන ජනාධිපතිවරයකු මෙසේ රුසියාවට පැමිණියේ වසර 23 කට පසුවය. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් මොස්කව් බලා පැමිණියේ පළමු වරට යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
අග්‍රාමාත්‍ය ඉම්රාන් සමඟ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක්, ව්‍යාපාරිකයෝ පිරිසක් ද මෙම රුසියන් සංචාරයට සහභාගී වෙති. පාකිස්තාන විදේශ අමාත්‍ය ෂා මොහොමද් කුරේෂි සහ බලශක්ති අමාත්‍ය හමාද් අසාර් ද ඒ ඒ අතරේ සිටිති.
කලාපීය අර්බුද සම්බන්ධයෙනුත්, දකුණු ආසියාවේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙනුත් අග්‍රාමාත්‍ය ඉම්රාන් සහ රුසියන් ජනාධිපති පුටින් අතරේ සාකච්ඡා පැවැත්විණි. පාකිස්තානයත් රුසියාවත් අතර බලශක්ති සහයෝගීතාව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා පැවැත්විණි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉම්රාන්ට පුටින්ගෙන් උණුසුම් පිළිගැනීමක්