
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි ව හරට විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය අද (25) පාකිස්තාන ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේදී සලකා බැලීමට නියමිතය.
අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පහළොස් වැදෑරුම් න්‍යාය පත්‍රයට මෙම විශ්වාසභංගයද ඇතුළත් වෙයි.
ආසන 342කින් යුත් පාකිස්තාන ජාතික සභාවේ දී විශ්වාසභංගය සම්මත කර ගැනීමට නම් මන්ත්‍රීවරුන් එක්සිය හැත්තෑ දෙදෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුව ඇත.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට ආසන 155ක් හිමි අතර, ඔවුන්ට සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් 23 දෙනකුගේද සහාය හිමිවෙයි.
කෙසේ නමුත් ඡන්ද විමසීමේ දී පාලක සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ විපක්ෂයට එක්විය හැකි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විපක්ෂය විසින් අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විස්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ, රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමට හා උද්ධමනය ඉහළ යෑමට හේතු වූයේ අග්‍රාමාත්‍යවරයාගේ මූල්‍ය ප්‍රතිපත්ති නිසා යැයි චෝදනා නගමිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd