IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගය අද

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි ව හරට විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංගය අද (25) පාකිස්තාන ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවේදී සලකා බැලීමට නියමිතය.

අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පහළොස් වැදෑරුම් න්‍යාය පත්‍රයට මෙම විශ්වාසභංගයද ඇතුළත් වෙයි.

ආසන 342කින් යුත් පාකිස්තාන ජාතික සභාවේ දී විශ්වාසභංගය සම්මත කර ගැනීමට නම් මන්ත්‍රීවරුන් එක්සිය හැත්තෑ දෙදෙනෙකු ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුව ඇත.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයට ආසන 155ක් හිමි අතර, ඔවුන්ට සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් 23 දෙනකුගේද සහාය හිමිවෙයි.

කෙසේ නමුත් ඡන්ද විමසීමේ දී පාලක සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු හෝ විපක්ෂයට එක්විය හැකි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

විපක්ෂය විසින් අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විස්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ, රට තුළ ආර්ථික අර්බුදයක් ඇතිවීමට හා උද්ධමනය ඉහළ යෑමට හේතු වූයේ අග්‍රාමාත්‍යවරයාගේ මූල්‍ය ප්‍රතිපත්ති නිසා යැයි චෝදනා නගමිනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 154 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 93 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1686 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site