IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඉම්රාන්ට එරෙහි දෝෂාභියෝගය හෙට

පාකිස්තාන අග්රායමාත්යි ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසුම හෙට (31) පැවැත්වීමට නියමිතය

පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මෙම විශ්වාසභංගය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දේශපාලන ගමන තීන්දු කරනු ඇති බවය. දේශපාලන විශ්ලේෂකයන් බොහෝ දෙනා අනාවැකි පළ කර ඇත්තේ විශ්වාසභංගයෙන් අග්‍රාමාත්‍ය ඉම්රාන් පරාජය වනු ඇති බවය.

විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පාකිස්තාන ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ යි. ඒ, රටේ මේ වනවිට පවතින ආර්ථික අර්බුදයට පාකිස්තාන අග්රාාමාත්යහ ඉම්රාන් ඛාන් වගකිව යුතු බවට චෝදනා නගමිනි. පාකිස්තාන ජනතා පක්ෂයට නායකත්වය දෙන්නේ බිලාවිල් භූතෝ ය. බිලාවිල් යනු ඝාතනයට ලක්වුණු හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍යවරය බෙනාසීර් භූතෝගේ පුත්‍රයාය.

ඉම්රාන් ඛාන් නායකත්වය දෙන්නේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දූෂණ විරෝධී දේශපාලන කණ්ඩායමටය. 2018 ලැබූ මැතිවරණ ජයග්රීහණයෙන් පසු ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය සභාව රජයක් පිහිටුවීය.

රටේ ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වගකිව යුතු යැයි ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය අභ්‍යන්තරයෙන් ද චෝදනා නැගෙමින් පවතී. පක්ෂයේ ප්‍රබල ඇමැතිවරුන් කණ්ඩායමක් ඉම්රාන්ට එරෙහිව කැරැල්ලක් ආරම්භ කර ඇති අතර, ඔවුන් තරයේ පවසා ඇත්තේ විපක්ෂය ගෙනා විශ්වාසභංගයට තමන් සහාය දක්වමින් ඡන්දය ලබා දෙන බවටය.

මේ අතර, අග්‍රාමාත්‍ය ඉම්රාන් සිය පක්ෂ මන්ත්රී වරුන්ට පවසා ඇත්තේ, විශ්වාසභංගය සම්බන්ධයෙන් ඡන්ද විමසුම පැවැත්වෙද්දී ජාතික සභාව (පාර්ලිමේන්තුව) ට පැමිණීමෙන් වළකින ලෙස හෝ ඡන්ද විමසුමේදී කිසිදු පාර්ශ්වයකට ඡන්ද දීමෙන් වැළැකී සිටින ලෙසය.

(රොයිටර්)



අදහස් (0)

ඉම්රාන්ට එරෙහි දෝෂාභියෝගය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 573 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site