පාකිස්තාන විපක්ෂනායක ඉම්රාන් ඛාන්ගේ හා ජනප්‍රිය පූජක තහිරුල් කඩ්රිගේ ආධාරකරුවන් ඉස්ලාමාබාද් අගනුවර ජාතික රූපවාහිනියට කඩා වැදීමෙන් පසු ඔවුන් ඉවත් කර එහි බලය නැවත තහවුරු කර ගැනීමට පකිස්තාන හමුදාව සමත් විය.
විපක්ෂයේ ඉල්ලීම වනුයේ අගමැති නවාස් ෂරීෆ් ඉල්ලා අස් විය යුතු බවයි.
තමා දූෂිතයකු නොවන බවත්, පසුගිය ඡන්දයේ දී වංචා සිදු නොකළ බවත් ෂරීෆ් කියයි.
පොලිසිය සමඟ ගැටුණු විරෝධතාකරුවන් යුද හමුදාව සමඟ ගැටුණේ නැත. යුද හමුදාවට සහාය දෙන්නැයි ඉම්රාන් හා කඩ්රි ඔවුන්ගේ ආධාරකරුවනට කීහ.
දහස් ගණන් විරෝධතාකරුවෝ පොලු මුගුරු රැගෙන පකිස්තාන අගමැති නිවස දෙසට ගමන් කළහ.
කැරලි මර්දන පොලිසිය පසු බැස ගියේය. පොලිසියේ කිහිප දෙනෙක් ද තුවාල ලදහ. උද්ඝෝෂකයෝ වාහනවලට පහර දෙමින් මාර්ග බාධක ලෙස පාර හරහා දැමුණු කන්ටේනර ගිනි තබමින් කලබල කළහ.
ටික වේලාවකට පසු යුද හමුදාව පැමිණ උද්ඝෝෂකයන් සාමකාමී ලෙස එළියට කැඳවාගෙන ගියේය. ඉන් පසු ජාතික රූපවාහිනිය යළි විකාශන පටන් ගත්තේය.
2025 නොවැම්බර් මස 04
382
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන්ගේ මිනිස්සු පකිස්තාන රූපවාහිනියටත් පනිති
ඉසුරන්දි Tuesday, 02 September 2014 04:46 AM
හැම රටකම ප්‍රශ්න. (නි)