IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉම්රාන්ගේ ප්‍රකාශයට විරෝධයක්

කාන්තාවන් අපයෝජනය ලක් වන්නේ, ඔවුන් අදින ඇඳුම් පැලඳුම් නිසා බවත්, අපයෝජනයට ලක් නොවීමට නම්, ඇඟ වැහෙන ලෙස ඇඳුම් ඇඳිය යුතු බවත් පවසමින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, පාකිස්තාන කාන්තාවන්ගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඔක්ස්ෆර්ඩ් අධ්‍යාපනය ලැබූ, ක්‍රිකට් විරුවකු ද වන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ බව කියා සිටියේ පසුගිය දා රූපවාහිනී සජීවී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින පාකිස්තාන කාන්තා ක්‍රියාකාරීන් සමාජ මාධ්‍ය ඔසසේ අග්‍රාමාත්‍ය ඉම්රාන්ට දොස් නගා ඇත.

පාකිස්තාන මානව හිමිකම් කොමිසම පවසා ඇත්තේ කාන්තා සංගම්වලින් සහ ක්‍රියාකාරීන්ගෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට යිරෝධය පළ කරමින් පැමිණිලි ලැබී ඇති බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (5)

ඉම්රාන්ගේ ප්‍රකාශයට විරෝධයක්

Rata Perata Thursday, 08 April 2021 06:35 AM

මුන්ගේ ජරා අදහස් වලට කාන්තාවන් මොනවා කරන්නද? මෙයාලා තමුන්ගේ දූලා දැක්කාම මොනවා කරනවාද දන්නේ නෑ .

:       7       17

BamunuarachchiThursday, 08 April 2021 11:10 AM

දන්නා මගුලක් කතා කරනවා හලෝ. කාන්තාවනේගේ පෙනුම, අසෝභන හැසිරීම් නිසා හෝ ඇදුම් පැළදුම්, නිසා කාමයට පෙළඹෙන සිත් තමන්ටම මෙහෙයවා ගැනීමට බුද්ධ ධර්මය දේශනා කරනවා.. ඉස්ලාම් ආගම එසේ මිනිස් සිත් කාමයට ඇදගන්න ඇඳුම් ඇඳීමෙන් වලකින ලෙස ගැහැනුන්ට දේශනා කරනවා. ආගම් දෙකේම අරමුණ එකයි. ඒ අරමුණට යාමේ ක්‍රම තමයි වෙනස.

:       7       9

nimal Thursday, 08 April 2021 08:32 AM

මම එකඟ වෙනවා ඔයාත් එකක ඉම්රාන්. ඔයා හැමවේලාවේම නිවැරදියි.

:       15       7

RohithaThursday, 08 April 2021 01:30 PM

නිමල්, දැන් පාකිස්තානයට හොඳයිද? ඉම්රාන් හැමවේලාවේම නිවැරදියි නම්... ඔයත් ආගම මාරුකරගෙන යන්නකෝ පාකිස්තානයට... ඇයි මෙහෙම පව් දෙන්නේ?

:       5       5

Nuwan Friday, 09 April 2021 12:41 PM

ලොකු විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබුවත් ඉම්රාන්ගේ ගෝත්‍රික ආගමිකවාදී අදහස් නැතිවෙලා නැහැ.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site