පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී, විපක්ෂයේ දෝශාභියෝගයකට පවා මුහුණ දීමට සිදුවී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමැතීමට සූදානමින් සිටියත්, පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහ ‘අයි.එස්.අයි.’ බුද්ධි අංශ ප්‍රධානීන් මැදිහත් වී එය වැළැක්වූ බව එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කරයි.
පාකිස්තාන හමුදාපති සහ හමුදා ප්‍රධානීන් මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හමුවී දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය. එම හමුවේදී හමුදාව කිසිම අවස්ථාවක තමන්ට බලයෙන් ඉවත් වෙන්නැයි බලපෑම් නොකළ බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා තිබේ.
තමන් බලයෙන් ඉවත් කිරීමට විපක්ෂය විදේශ බලවේග සමඟ කුමන්ත්‍රණය කරනවා යැයි ඉම්රාන් ඛාන් චෝදනා කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඇතුළත් ලියකියවිලි රැසක් ඔහු සිය පක්ෂ සාමාජිකයන්ටත්, පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළ බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd