
පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ජංගම දුරකතන දෙකක් සොරකම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශ්වාසභංගයෙන් පරාජය වී අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූ පසු ඉම්රාන් දිගින් දිගටම චෝදනා නගන්නේ කිසියම් පිරිසක් ඔහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවය. එම ඝාතන කුමන්ත්‍රණයට අදාල පුද්ගලයන් සම්බන්ධ දත්ත සහ වීඩියෝ දසුන් ඔහුගේ ජංගම දුරකතනවල තිබී ඇත.
දුරකතන සොරකම් කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයා ජන රැළියකට සහභාගී වී ආපසු ඉස්ලාමාබාද් බලා යද්දී, සියල්කොට් ගුවන්තොටුපොළේදීය. “ඉම්රාන් ඛාන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඔහුගේ ජංගම දුරකථන දෙකත් හොරකම් කරලා.” යැයි ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශක ෂෙහ්බාස් ගිල් පවසා තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd