
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තමන්ට එල්ල කරන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පවසා ඇත.
ඉම්රාන් ඛාන්, චෝදනා කර ඇත්තේ තමන් ඝාතන කිරීමට කුමන්ත්‍රණය කරමින් තමන්ට කළ වෙඩි තැබීම පසුපස සිටින්නේ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් බවටය.
ඊට අමතරව, තමන් ඝාතනය කිරීමට උත්සාහ ගන්නේ යැයි ඉම්රාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රානා සානුල්ලා, පාකිස්තාන බුද්ධි අංශයේ ප්‍රධානියකු සහ හමුදා ප්‍රධානියකුට ද චෝදනා එල්ල කර ඇත.
‘ඉම්රාන්ගේ චෝදනා මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. එම චෝදනා ඔප්පු කිරීමට ඔහුට හැකි වුණොත් මා මොහොතක් හෝ අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ නැහැ. මා ධුරය හැර යන්න සූදානම්. දේශපාලනයෙනුත් මා සමුගන්නවා’ යැයි අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ ලාහෝර් නුවරදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd