පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ සාමාජිකයන්, කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් අගනුවර විරෝධතා ආරම්භ කර තිබේ.
කරච්චි නුවර පැවැති විරෝධතා අතරතුරේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ සාමාජිකයන් 19 දෙනකු පොලිස් අත්ඩඅංගුවට පත්වුණු බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.
දූෂණ චෝදනාවලට වරදකරු වූ, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, ඉස්ලාමාබාද් අධිකරණය ඊයේ (5) වසර 3 ක සිර දඬුවමක් සහ පාකිස්තාන රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.
ඊට අමතරව, ඉම්රාන්ට වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නියැලීම ද තහනම්ය.ෙ
තමා අත්අඩංගුවට ගැනීමට නියමිත බව පවසමින්, ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන් අමතමින්, අත්අඩංගුවට ගැනීමට පෙර පටිගත කළ වීඩියෝ පණිවුඩයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.
‘ඔවුන් මා අත්අඩංගුවට ගනීවි. සැකයක් නැහැ. කලබල නොවි සාමකාමීව හැසිරෙන්න. පක්ෂයේ කටයුතු සාමකාමීව කරගෙන යන්න. නොසැලී ශක්තිමත්ව සිටින්න’ යැයි එම පණිවුඩයේ සඳහන් වෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉම්රාන් හිරේ දැම්මැයි විරෝධතා