විවිධාකාරයේ චෝදනා යටතේ, ඒවාට වරදකරුවී බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රෝහල්ගත කිරීමට බන්ධනාගාර බලධාරීහු කටයුතු කළහ.

ඉම්රාන්ගේ එක් ඇසක පෙනීම පිරිහෙමින් පවතින බව පසුගිය සති කීපයේ වාර්තා විය. ඉම්රාන් රෝහල්ගත කෙරුණේ එම ඇසට ප්‍රතිකාර ලබා දීම සඳහා යැයි පැවැසෙයි.

විශ්වාසභංගයකින් ධුර අහිමිවුණු ඉම්රාන් බන්ධනාගාරගත කරනු ලැබ ඇත්තේ 2023 වසරේ සිටය.

වෛද්‍යවරුන් පවසා ඇත්තේ 73 හැවිරිදි හිටපු ක්‍රිකට් තරුවක් ද වන ඉම්රාන්ගේ ඇසේ පෙනීම මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී ගොස් ඇති බවය.