
පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත් විය. පාකිස්තාන නායකයකු වසර 23 කට පසු රුසියාවේ නිල සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි.
අගමැති ඉම්රාන්ගේ දෙදින රුසියා නිල සංචාරය පිළිබඳ විදේශ අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කෙරූ අතර රුසියානු අගමැති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාවක් මත මෙම දෙදින නිල සංචාරය සිදු කරන බවත් මෙම නිල සංචාරයට අගමැති ඉම්රාන් සමග ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද සහභාගී වන බවත් ප්‍රකාශ කළේය.
අගමැති ඉම්රාන්ගේ සංචාරයේදී රුසියාව සහ පකිස්ථානයේ ද්විපාර්ශවික සම්බඳතා ශක්තිමත් කරගැනීමටත් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්යෝන්‍ය සහයෝගීතාවය දියුණු කරගැනීමත් අරමුණ බව විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
රුසියාව පකිස්තානයේ බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සිදු කිරීමට උනන්දුවක් දක්වන බවද පකිස්තාන බලධාරීන් පැවසීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන් මොස්කව් යයි