
රාවුල්පිණ්ඩි නුවර අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජීවතුන් අතර සිටින බවට කිසිදු පැහැදිලි සාක්ෂියක් තවමත් තමන්ට ලැබී නොමැති බව, ඉම්රාන් නියෝජනය ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය පවසයි.
2022 දී විශ්වාසභංගයකින් ධුරය අහිමිවීමෙන් පසු, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විඳින ඉම්රාන් බන්ධනාගාරයේ දී මියගොස් ඇති බවටත්, පාකිස්තාන රජය එය වසං කිරීමට උත්සාහ ගන්නා බවටත් ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂය පමණක් නොව, ඉම්රාන්ගේ සොහොයුරියන් සහ පුත්‍රයා ද චෝදනා නගා ඇත.
පාකිස්තාන රජය දිගින් දිගටම පවසා ඇත්තේ, ඉම්රාන් ඛාන් යහතින් සිටින බවත්, ඔහු අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර පවා කිසිදු බාධාවකින් තොරව ලැබෙන බවත්ය. බන්ධනාගාරයේ සෙසු රැඳෙවියන්ට වඩා ඉම්රාන්ට පහසුම් ලබා දි ඇති බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය ඛවාජා අසීෆ් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
ඉම්රාන් ඛාන් යහතින් සිටිනවාද නැද්ද යන්න ඔප්පු කරන්නැයි පාකිස්තාන රජයට බල කරමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ‘තර්ක් ඊ ඉන්සාෆ්’ පක්ෂය මේ වනවිට සුදානම් වෙමින් සිටින බව ද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉම්රාන් ජීවතුන් අතර සිටිනවැයි ඔප්පු කරලා නෑ