නවද්ලිලියේදීය (එන්.ඩී.ටීවී)

ඉන්දියාව සහ පාකිස්තානය අතර නැවැතුණු සාකච්ඡා නැවත ආරම්භ කරමු යැයි යෝජනා කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇත.

ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් වරට සාකච්ඡා පැවැතියේ 2015 වසරේදීය. ‘මෝදි සහබ්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එම ලිපිය යවා ඇත. දෙරටේ විදේශ අමාත්‍යවරුන් ද සාකච්ඡා පැවැත්විය යුතු බව ඉම්රාන් ඛාන් තම ලිපියෙන් යෝජනා කර ඇත.

ත්‍රස්තවාදය පිළිබඳව සාකච්ඡා කිරීමට පාකිස්තානය සූදානම් යැයි ද එරට නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියේ සඳහන්ව ඇත.

ඉම්රාන් ඛාන් මැතිවරණයෙන් ජයගත් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ලිපියක් යැවීය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතිය ඇමතු ඉම්රාන් ඛාන් ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කරගන්නා බව සඳහන් කළේය. ඉන්දියාව එක් පියවරක් ඉදිරියට තැබුවහොත් පාකිස්තානය පියවර දෙකක් තබන බව පැවැසීය. 

055