IMG-LOGO

ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට එරෙහිව පාකිස්තාන විපක්ෂයෙන් විරෝධතා

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට තුළ විරෝධතා රැල්ලක් නිර්මාණය වී තිබේ. විපක්ෂයේ පක්ෂ එකතුවෙමින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර එහි ආරම්භය සනිටුවහන් කරමින් විපක්ෂ ක්‍රියාකාරීහු දස දහස් ගණනක් අද (16) ගුජ්වන්වාලා නුවර ක්‍රීඩාංගනයකට එක් රැස්වූහ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමේ අරමුණින් මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබේ. අවසන් වරට පැවැති මහ මැතිවරණයේදී වංචාවක් කරමින් ඉම්රාන් ඛාන් බලයට පත්වූයේ යැයි ද ඊට හමුදාවේ සහාය හිමිවූයේ යැයි ද විපක්ෂ කණ්ඩායම් චෝදනා කරයි.

විපක්ෂයේ පක්ෂ නවයක් එක්ව මෙම ඒකාබද්ධ සන්ධානය නිර්මාණය කර තිබෙන අතර ‘පාකිස්තාන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය’ යනුවෙන් එම සන්ධානය නම් කර තිබේ. පසුගිය මාසයේදී මෙම ව්‍යාපාරයේ මූලිකත්වයෙන් රටපුරා ආණ්ඩු විරෝධී විරෝධතා ආරම්භ විය.

දූෂණයට එරෙහිව කටයුතු කරන බවට පොරොන්දු දෙමින් ඉම්රාන් ඛන් අවසන් වරට පාකිස්තානයේ පැවැති මහ මැතිවරණයෙන් ජය ලබමින් එරට අග්‍රාමාත්‍ය ධූරයට පත්විය.

තමන් හමුදාවේ රූකඩයක් යනුවෙන් පවසමින් එල්ල වන චෝදනාව ඇතුළු අනෙක් චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ඉම්රාන් ඛාන් පැවැසීය. තමන් විපක්ෂයට බිය නැතැයි ද විපක්ෂයේ නායකයන්ට එල්ල වී තිබෙන දූෂණ චෝදනා ඉවත් කරගැනීමේ අරමුණින් මෙලෙස විපක්ෂයේ කණ්ඩායම් තමන්ට තර්ජනය කරන්නේ යැයි ද හෙතෙම කීය.

‘‘අපි මේ පාරට ඇවිත් ඉන්නේ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන්’’ යැයි හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් ප්‍රකාශ කළාය. ඇය එස්.යූ.වී රථයකට නැග ගමන් කරමින් ඒ බව පැවසුවාය. ඇය ගමන් කරන විටදී රෝස පෙති ඇය දෙසට වීසි කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇය ගුජ්වන්වාලා සිට ලාහෝරය දක්වා ගමන් කළාය.

‘‘අපේ අරගලය අසාධාරණය, විරැකියාව සහ ඉහළ ජීවන වියදමට එරෙහිව’’ යැයි ද ඇය කීවාය.

පාකිස්තානයේ ප්‍රධාන විපක්ෂය වන්නේ නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගය – නවාස් (පී.එම්.එල්.-එන්) පක්ෂයයි.

ෂරීෆ් අඛණ්ඩව පාකිස්තාන හමුදාව විවේචනය කළ අයෙකි. දූෂණ චෝදනා හේතුවෙන් 2017 වසරේදී පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට අග්‍රාමාත්‍ය ධුරය දැරිය නොහැකි යැයි නියෝග කළේය. හෙතෙම පසුගිය නොවැම්බර් මාසයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩනය බලා පිටත්ව ගියේය. තමන්ට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල වූයේ යැයි ද ඒ පසුපස හමුදා ජෙනරාල්වරුන් සහ විනිසුරුවරුන් සිටින්නේ යැයි ද හෙතෙම චෝදනා කරයි.
 
පාකිස්තානයේ හමුදාව ඉතා බලවත් ය. ඔවුන් දේශපාලන කටයුතුවලට ඇඟිලි ගසන්නේ යැයි ඇතැම් පාර්ශව චෝදනා කරයි. කෙසේ නමුත් පාකිස්තාන හමුදාව එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.

මේ විරෝධතා පැවැත්වෙන්නේ පාකිස්තානය දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මොහොතකය. පාකිස්තානයේ උද්ධමනය දෙකේ ඉලක්කමට ආසන්න වී තිබෙන අතර ආර්ථික වර්ධනය ඍණ අගයක් ගෙන තිබේ.

පාකිස්තානයේ මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2023 වසරේ දී ය.

‘‘ඉම්රාන් යන්න, ඉම්රාන් යන්න..ඔබේ කාලය අවසන්’’ යැයි ගුජ්වන්වාලා වෙත රැස්වූ දස දහස් ගණනක් විරෝධතාකරුවෝ හඬ නැඟූහ.

ඝාතනය ලක්වූ පාකිස්තානයේ හිටපු අගමැතිනි බෙනාසීර් භූතෝගේ පුතු වන බිලාවල් භූතෝ ද මෙම විරෝධතාවලට එක්විය. පාකිස්තාන ජනතා පක්ෂයේ නායකත්වය හොබවන්නේ ඔහු ය. පාකිස්තාන ආගමික නායකයකු වන මවුලානා ෆස්ල් අර් රෙහ්මාන් ද මෙම විරෝධතාවලට එක්විය. ඔවුහු වෙන වෙනම රැලි පවත්වමින් පසුව ප්‍රධාන විරෝධතාවට එක්වූහ.

‘‘රූකඩ ආණ්ඩුවට යන්න කාලය ඇවිත්’’ යැයි බිලාවල් භූතෝ පැවැසීය.

රොයිටර්

055

 



අදහස් (1)

ඉම්රාන් ඛාන්ගේ ආණ්ඩුවට එරෙහිව පාකිස්තාන විපක්ෂයෙන් විරෝධතා

Bamunuarachchi Saturday, 17 October 2020 06:55 AM

ලංකාවෙත් විරුද්ධ පක්ෂයේ ඉන්නවා උලාකාන්ලා. ඒ ගොල්ලන්ට අපි විරුද්ධයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 998 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site