
ආසන 33 ක් වෙනුවෙන් පාකිස්තානයේ අතුරු මැතිවරණයක් පැවැත්වෙන බවත්, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එම ආසන 33 වෙනුවෙන් තනිවම සටන් වදිනු ඇති බවත් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පවසා තිබේ.
පාකිස්තාන මැතිවරණ කොමිසමට අනුව, මෙම අතුරු මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ ලබන මාර්තු 16 වැනිදාය. ඉම්රාන් ඛාන්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි වූයේ පසුගිය වසරේය.
ඒ, එවකට විපක්ෂ සන්ධානය පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයක් පරාජය වීමෙනි. කඩිනමින් යළි මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ට අවශ්‍ය වී ඇත. ඉම්රාන් තරයේ පවසා ඇත්තේ ජනතා මනාපය නොඅඩුව තමන්ට හිමිවනු ඇති බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd