
විනිසුරුවරියක විවේචනය කරමින් ඇයට තර්ජනය කළේ යැයි චෝදනා ලැබ සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අගවිනිසුරු අතාර් මිනල්ලා ඇතුළු විනිසුරු මඩුල්ල හමුවී සමාව ඉල්ලා සිටි බවත් පසුව ඔහු තර්ජනය කළේ යැයි චෝදනා නැගුණු විනිසුරුවරිය ෂොබා චෞද්‍රි හමුවී ඇයගෙන් ද සමාව ඉල්ලා සිටි බවත් පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
අධිකරණයට අපහාස කරමින්, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, විනිසුරු ෂොබා චෞද්‍රිට තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වූයේ හිටපු අග්‍රාමාත්‍යවරයා පසුගිය අගෝස්තුවේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති ජන රැලියකදී කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, මෙම ප්‍රකාශය කළේ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයේ නායක ෂබාස් ගිල් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට විනිසුරු ෂොබා චෞද්‍රිට තීන්දු කළ බැවිනි.
හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, සමාව නොගෙන, ඔහුට එරෙහිව පැවැරුණු නඩුවෙන් වරදකරු වූයේ නම්, වසර 5 ක දේශපාලන තහංචියක් හිමි වීමට ඉඩ තිබුණු බව පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්රාන් ඛාන් සමාව ඉල්ලයි