IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඉබෝලාවත් ත්‍රස්ත අවියක්

ඉරාකයේ සහ සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරමින්, මුළු ලොවටම තර්ජනයක් වී සිටින ‘අයි.එස්.අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත‍්‍රස්තවාදීන් මාරක ඉබෝලා වයිරසය ආයුධයක් ලෙස භාවිතා කරනු ඇතැයි ඇමෙරිකන් විශ්ලේෂකයෝ බිය පළ කරති.

ඉබෝලා වයිරසයට ප‍්‍රතිකර්මයක් නොමැත. එය 10 දෙනකුට වැළඳුණහොත් ඉන් නව දෙනකුම මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඉබෝලා වැළඳීමෙන් මියගිය ගණන 4400 කි. රෝගී වූවන්ගේ ගණන 9,000 පසු කර ඇත.

බටහිර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තවාදීන් තම සාමාජිකයන්ට ඉබෝලා ආසාදනය කර ඔවුන් බටහිර රටවලට යැවීමට කටයුතු කරනු ඇති බවය. එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකුට වඩා ඉබෝලා රෝගියකු භාවිතා කර රටක් අස්ථාවර කළ හැකි යැයි ඇමෙරිකන් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තයන් මේ වනවිට සිරියානු තුර්කි දේශසීමා හරහා තුර්කියට ඇතුළුවී ඇති බව ද පැවැසෙයි. ඔවුන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර පළවා හැරීමට තුර්කි හමුදාව අසමත් විය. ත‍්‍රස්තවාදීන් තුර්කියේ කොබානේ නගරය අල්ලා ගෙන ඇතැයි ද පැවැසෙයි. තුර්කිය හරහා යුරෝපය අල්ලා ගැනීමට ත‍්‍රස්තවාදීන් සැරැසෙන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

 



අදහස් (0)

ඉබෝලාවත් ත්‍රස්ත අවියක්

නිශාන්ත Monday, 13 October 2014 04:55 PM

ත්‍රස්තයන්ට මේක බෝකළා නම් ඉවරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site