ඉරාකයේ සහ සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරමින්, මුළු ලොවටම තර්ජනයක් වී සිටින ‘අයි.එස්.අයි.එස්.’ හෙවත් ‘ඉස්ලාමික් ස්ටේට්’ ත‍්‍රස්තවාදීන් මාරක ඉබෝලා වයිරසය ආයුධයක් ලෙස භාවිතා කරනු ඇතැයි ඇමෙරිකන් විශ්ලේෂකයෝ බිය පළ කරති.
ඉබෝලා වයිරසයට ප‍්‍රතිකර්මයක් නොමැත. එය 10 දෙනකුට වැළඳුණහොත් ඉන් නව දෙනකුම මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඉබෝලා වැළඳීමෙන් මියගිය ගණන 4400 කි. රෝගී වූවන්ගේ ගණන 9,000 පසු කර ඇත.
බටහිර විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තවාදීන් තම සාමාජිකයන්ට ඉබෝලා ආසාදනය කර ඔවුන් බටහිර රටවලට යැවීමට කටයුතු කරනු ඇති බවය. එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකුට වඩා ඉබෝලා රෝගියකු භාවිතා කර රටක් අස්ථාවර කළ හැකි යැයි ඇමෙරිකන් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉස්ලාමික් ස්ටේට් ත‍්‍රස්තයන් මේ වනවිට සිරියානු තුර්කි දේශසීමා හරහා තුර්කියට ඇතුළුවී ඇති බව ද පැවැසෙයි. ඔවුන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර පළවා හැරීමට තුර්කි හමුදාව අසමත් විය. ත‍්‍රස්තවාදීන් තුර්කියේ කොබානේ නගරය අල්ලා ගෙන ඇතැයි ද පැවැසෙයි. තුර්කිය හරහා යුරෝපය අල්ලා ගැනීමට ත‍්‍රස්තවාදීන් සැරැසෙන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තයන්ට මේක බෝකළා නම් ඉවරයි. (නි)