මාරාන්තික වසංගත රෝගයක් ලෙස හඳුන්වාදී ඇති ඉබෝලා වයිරසය ශරීරගතවීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව ඇති බ්‍රිතාන්‍ය ජාතික හෙදි සේවකයෙක් ඊයේ බටහිර අප්‍රිකාවේ සියරාලියෝනාවේ සිට අධි ආරක්ෂාව ඇතිව ගුවන් මඟින් ලන්ඩන් නුවරට රැගෙන එනු ලැබීය.
මේ වනවිටත් මෙම රෝගියා මරණාසන්නව සිටින බව වෛද්‍යවරු පවසති.
විලියම් පූලි නම්වූ 29 හැවිරිදි මෙම තරුණ ඉංග්‍රීසි ජාතික සෞඛ්‍ය සේවකයා මෙම අසාධ්‍ය වසංගත රෝගයට බිලිවුයේ ඉබෝලා වසංගතය දරුණු ලෙස පැතිරී ඇති සියරාලියෝන් නම්වූ අප්‍රිකා රටේ කෙනිමා රෝහලේ ඉබෝලා සත්කාර ඒකකයේ ස්වෙච්ඡා සේවකයෙකු ලෙස අසාධ්‍ය රෝගීන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් සිටි අවස්ථාවේය.
විලියම් පූලි සමඟ සේවය කළ තවත් ස්වෙච්ඡා සේවකයකු වන ගේබ්‍රියල් මඩියේ පවසන්නේ " විලියම් පූලි ඉබෝලා රෝගයට ගොදුරුව ඉන්නා අහිංසක වැසියන් පිළිබඳව දැඩි කනස්සල්ලෙන් සිටි අයෙකු" බවය. "ඔහුට අවශ්‍ය වුයේ කෙසේ හෝ මෙම රෝගීන් හට අවශ්‍ය ප්‍රතිකාර හැකි උපරිම අන්දමට ලබාදීමයි. එහිදී ඔහුගේ පෞද්ගලික සනීපාරක්ෂාව පිලිබඳ කිසිදු තැකීමක් නොකිරීමට තරම් ඔහු පරාර්ථකාමී වූ අන්දම මට නම් හිතාගන්නට වත් බැහැ. මෙම අසාධ්‍ය රෝගය වැළඳේය යන අධික බියෙන් එම පළාතේ වෛද්‍යවරුන් සහ හෙදියන් රෝහල් හැරයන විට විලියම් පෝලී එම රෝහල් වෙත ස්වේච්චාවෙන් ගොස් රෝගීන් සඳහා අවශ්‍ය ඇප උප කාර ලබාදීමට තීරණය කලේ එහි ඇති අවදානම හොඳින්ම දැනගෙන බව මම දනිමි. විලියම් අසාමාන්‍ය, මානුසික හදවතක් ඇති අපුරු තරුණයෙක්." යැයි ගේබ්‍රියෙල් මඩියේ පවසා ඇත.
විලියම් පූලි සියරාලියානෝවේ සිට ලන්ඩනයට රැගෙන ආවේ ඒ සඳහා විශේෂයෙන් පිළියෙළ කළ බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකිනි. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව පරීක්ෂාකිරීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් සියරාලියෝනයේ අගනුවරවන ෆ්රීටවුන් වෙත ගියහ.
එතැන්සිට ගුවන් යානය දක්වා ඔහු රැගෙන ආවේ විශේෂයෙන් පිලියෙළකළ ආරක්‍ෂිත කුටියකක් යොදාගනිමිනි. එම විශේෂ ගුවන් යානය ලන්ඩන් නුවර නොර්ත් හෝල්ට් හමුදා ගුවන් තොටුපලට ගෙනගිය අතර ගුවන් යානය ඇතුළතත් එතැන් සිට රෝහල දක්වාත් ඔහු රැගෙන ගියේ විශේෂ රැකවරණය සහිත ගිලන්රථයක් යොදාගනිමිනි.
ලන්ඩන් නුවර රෝයල් ෆ්‍රී රෝහලේ ඔහු සඳහා විශේෂිත හුදකලා වාට්ටුවක් සකස්කර තිබුණි.
ගුවන් තොටුපලේ සිට රෝහල දක්වා ඔහු රැගෙන ගිය අවස්ථාවේදී අමතර පරෙස්සමක් ලෙසට බ්‍රිතාන්‍ය පොලිසිය ගමන්මග සම්පුර්ණයෙන්ම මගීන් සහ වාහන වලින් හිස් කර තැබීමටද පියවර ගත්තේය.
විලියම් පූලි රැගත් විශේෂ ගුවන් යානය නොර්ත් හෝල්ට් හමුදා ගුවන් තොටුපලට ළඟාවීමේ සිට ඔහු රෝහල වෙත රැගෙනයාම දක්වා සවිස්තර වාර්තා සියලුම බ්‍රිතාන්‍ය මාධ්‍ය මඟින් විස්තරාත්මකව ප්‍රචාරය කරනු ලැබිය.
මෙම රෝගියාගේ පැමිණීම හේතුවෙන් ඉබෝලා වයිරසය බ්‍රිතාන්‍යයේ කිසිවෙකුටත් බෝවීමේ හැකියාවක් නොමැතිබව රෝහලේ වෛද්‍ය කණ්ඩායම අවධාරණය කර සිටියේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුවය පතනවා.(අ)
ඔන්න මනුස්සයෝ. තම ජීවිතය ගැන හිතන්නේ නැතුව අනුන් ගැන හිතන දෙවියෝ වගේ මනුස්සයෙක්,ඒ වගේම රජයත් තමන්ගේ රටේ පුරවැසියා ගැන සලකන විදිය විශිෂ්ටයි. (ස)
මංජු ඔයාට පිස්සුද මංජු ඔය මොනවද මේ කියන්නේ අපේ රටේ වින්නඹු අම්මලාගේ පටන් නර්ස් ල දොස්තරලා ඔක්කොම රෝගීන් වෙනුවෙන කැපවෙලා ඉන්න විදිය පේන්නේ නැත්ද ? (අ) 1
මංජු ඔයාට පිස්සුද මංජු ඔය මොනවද මේ කියන්නේ අපේ රටේ වින්නඹු අම්මලාගේ පටන් නර්ස් ල දොස්තරලා ඔක්කොම රෝගීන් වෙනුවෙන කැපවෙලා ඉන්න විදිය පේන්නේ නැත්ද ? එයාල ඇරුනම අමාත්‍යාංශ ඇමතිතුමා ! පුහ් ! 1
යහපත් මානවකයාට ඉක්මන් සුවය පතමි. (නි)
හෙද සේවයට හොඳම ආදර්ශය . ලංකාවට මේවගේ අය ගෙන් ඉගෙනගන්න බොහෝ දේ ඇත. (අ)
ඔබට හෑකි ඉක්මනින් සුව වේවා යාලුවා (නදී)
ඔබ ඇතුළු සියලුම රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි (නදී)
ඉක්මන් සුවය පතමි. (නි)
නයිටින්ගේල් ප්‍රතිඥාව මදකට පැත්තකින් තියල ගුණාත්මක සෞඛ්‍ය සේවයක් හදන්න ගියපු නර්ස් නෝනලා මහත්තුරු, නියම නර්ස් මහත්තයෙක් දැකල නැති නම් ඔන්න පින්තූරේ ලංකාදීපෙන් බලාගන්න. නියම සෞඛ්‍ය සේවකයෝ කියන්නේ මෙහෙම මිනිස්සුන්ට. (නදී)
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. ජේසු පිහිටයි. (අ)
ලෝකේ පැති දෙකක මිනිස්සු මැරෙන විදිය.....එක කට්ටියක් උපරිම සැපට....තවත් කිසිම අහුහරණක් නැතුව දුක් විදලා (නදී)