IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉබෝලා බටහිරට දෙන්න ත්‍රස්තයෝ කැසකවති

අයි.එස්.අයි.එස් අන්තවාදීන් ඉබෝලා වෛරසය ජෛව රසායනික අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇතැයි බටහිර ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති.

මැදපෙරදිග සටන්වැදී සිටින ඔවුන් ඒ අතරේ බටහිරටත් භීෂණය පැතිරවීමට ඉබෝලා වෛරසය යොදාගැනීමට උත්සාහ කිරීමේ ඉඩක් පවතින බව ඔවුහු පෙන්වාදෙති.

සියදිවි නසාගැනීමේ උමතුවක් ඇති අයිඑස් සාමාජිකයන් මේ සදහා යොදාගැනෙණු ඇතැයිද විහින්ම ඉබෝලා වෛරසය ආසාදනය කරගනු ඇති ඔවුන් ඇමරිකාව,බි‍්‍රතාන්‍යය වැනි ඉබෝලා වෛරසයේ තර්ජනය තවමත් දැනී නොමැති රටවලට පැමිණ වෛරසය පතුරුවා හරිනු ඇතැයිද ආදී ලෙස ආරක්ෂක විශේෂඥයෝ අන්තවාදීන් කි‍්‍රයාකාරී විය හැකි ආකාරය පැහැදිලි කරති.

කෙසේවුවත් මැදපෙරදිග ත‍්‍රස්ත සංවිධානවල හැසිරීම පිළිබඳ ප‍්‍රවීණයින්ගේ මතය වන්නේ ඉබෝලා ජෛව රසායනික අවියක් ලෙස යොදාගැනීමට අයිඑස් අන්තවාදීන් උත්සාහ කරනු ඇති වුවත් පවතින තත්ත්වය හමුවේ එවැන්නක් කිරීම ඔවුන්ටම පාරාවළල්ලක් වනු ඇති බවයි.

එක් අන්තවාදියෙකු ඉබෝලා ආසාදනය කරගතහොත් මුළු සේනාංකයකටම එය පැතිර යාමේ අවදානමක් පැවතීමත්,අනෙක් අතට ඉබෝලා තර්ජනය පවතින අපි‍්‍රකා රටකට ගොස් ඉබෝලා ආසාදනය කරගෙන, ගුවන්යානයක නැගී,බටහිර රටකට ගොඩබැස,වෛරසය පතුරවා හැරීමට උත්සාහ කිරීම කිසිසේත්ම ප‍්‍රායෝගික නොවීමත් එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දේ.

එසේවුවත් අවදානමට පෙර සූදානම වැදගත් යැයි ඔවුන්ද පිළිගනී. මේ වෛරසයෙන් මේ වන විට අපි‍්‍රකාවේ 3800 ක් පමණ දෙනා මරු දැක ඇත.තවත් 8000 ක පමණ දෙනා ආසාදිතයින් යැයි හඳුනාගෙන තිබේ.

වෛරසය මර්දනය කිරීමට තවමත් නිසි ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගෙන නොමැති අතර රෝගය වැළදී සුවවුනු පුද්ගලයින්ගේ රුධිරයේ ඇති ප‍්‍රතිදේහ යම් තාක් දුරකට වෛරසය මර්දනය කරන බව පමණක් හදුනාගෙන තිබේ.

 

මෙනිසා වෛද්‍යවරුන් කරමින් සිටින්නේ රෝගීවූවන්ට රෝගය වැළදී සුවවූවන්ගේ රුධිරය පාරවිලනය කිරීමයි.ඊට අමතරව රෝගීන්ට විවිධ ඖෂධ ලබාදෙමින් අත්හදා බැලීම්ද සිදුවේ.

ඉබෝලා වැළදුණු පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට වෛරසය ලෙහෙසියෙන්ම පැතිරේ.

ලයිබීරියාව,සියෙරා ලියොන් වැනි රටවල එබෝලා සීඝ‍්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මියයන්නවුන් අතහැර දමා යන්නට ජනතාව පුරුදුව සිටිනා බැවින් වීදි පුරා මළසිරුරු විසිර ඇත.

රෝගීන්ගේ උපස්ථානයට ඉදිරිපත්වන්නට සහන සේවකයින්ද අකැමැතිය.තමන් උවටැන් කිරීමට ගිය රෝගීන්ගෙන්ම රෝගය වැළදුණු සහන සේවකයෝ 400 කට ආසන්න පිරිසක්ද මියගොස් සිටී.

බටහිරද ඉබෝලා හිසඔසවමින් තිබෙන ලකුණු පෙනෙන්නට තිබෙන අතර බි‍්‍රතාන්‍යයේ,ඇමරිකාවේ එබෝලා වැළදුණු රෝගීන් හමුවී තිබෙන බව වාර්තා වේ.මෙම පුද්ගලයින් අපි‍්‍රකා රටවල සංචාරයන්හි යෙදී පැමිණියවුන් බව හඳුනාගෙන තිබෙන හෙයින් රටට පැමිණෙන්නවුන් දැඩි සේ පරීක්ෂා කිරීමට එම රටවල බළධාරීහු කටයුතු කරමින් සිටිති.

1412855354114_wps_1_Posted_on_a_militant_webs 1412855376639_wps_6_FILE_This_undated_file_im 1412855395354_wps_8_MONROVIA_LIBERIA_OCTOBER_



අදහස් (0)

ඉබෝලා බටහිරට දෙන්න ත්‍රස්තයෝ කැසකවති

කිරින්ද Friday, 10 October 2014 08:32 AM

ඒඩ්ස් වලින් බේරෙන්න කාමේ සුමිච්චාරා වේරමණී සික්ඛාපාදන් සමාදියාමි කියල බේරුනත් ඉබෝලා වෛරසයෙන් බේරෙන්න වෙන සිල් පදයක් හොයාගන්න වෙයි වගේ. (නදී)

:       0       0

මලිත Friday, 10 October 2014 08:03 PM

මේ ඇනකොටාගන්නේ මොනවා අයිතිකරගන්නද ? ඇයි මෙහෙම මෝඩ වෙන්නේ මෙච්චර දියුණු ජාතියක් ? අන්තිමේදී මිනිසුන්මයි විනාශවෙන්නේ. (නි)

:       0       0

සංජය Friday, 10 October 2014 09:04 AM

අපේ රට මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොකක්ද? (නි)

:       0       0

ප්‍රේමසිි Friday, 10 October 2014 10:05 AM

මෙය ඉක්මනින් ඉවරයක් වෙනවා නම් හොඳයි (නදී)

:       0       0

ඩයස් Friday, 10 October 2014 08:06 AM

නමුත් ඇතිවන සෑම දෙයකටම මර්දනයක්ද ඇත (නි)

:       0       0

බණ්ඩාර සරත් Friday, 10 October 2014 08:11 AM

අතීතයේ පැවති උතුරු වියට්නාම් යුද්ධයේදී ඇමරිකාවත් මේ වාගේ රසායනික සහ ජීවවෛරස උතුරු වියට්නාමයට දැම්මා. අද කාලයේත් සමහර රටවල් මෙම ක්‍රම උපයෝගී කරගන්නවා. මේකත් එවැනිම දෙයක්. අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)

:       0       0

ජුවාන් Friday, 10 October 2014 06:32 PM

ඇමෙරිකාවට මේ ත්‍රස්තවාදීන් මර්දනය කරන්න අවශ්‍යතාවයක් නැහැ වගේ. ත්‍රස්තවාදයේ උල්පත ඇමෙරිකාව කියලත් සමහරු ඔය කියන්නෙ. අනේ ඉතින් අපිට ඕවා තේරෙන එකක්යැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site