අයි.එස්.අයි.එස් අන්තවාදීන් ඉබෝලා වෛරසය ජෛව රසායනික අවියක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇතැයි බටහිර ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති.
මැදපෙරදිග සටන්වැදී සිටින ඔවුන් ඒ අතරේ බටහිරටත් භීෂණය පැතිරවීමට ඉබෝලා වෛරසය යොදාගැනීමට උත්සාහ කිරීමේ ඉඩක් පවතින බව ඔවුහු පෙන්වාදෙති.
සියදිවි නසාගැනීමේ උමතුවක් ඇති අයිඑස් සාමාජිකයන් මේ සදහා යොදාගැනෙණු ඇතැයිද විහින්ම ඉබෝලා වෛරසය ආසාදනය කරගනු ඇති ඔවුන් ඇමරිකාව,බි‍්‍රතාන්‍යය වැනි ඉබෝලා වෛරසයේ තර්ජනය තවමත් දැනී නොමැති රටවලට පැමිණ වෛරසය පතුරුවා හරිනු ඇතැයිද ආදී ලෙස ආරක්ෂක විශේෂඥයෝ අන්තවාදීන් කි‍්‍රයාකාරී විය හැකි ආකාරය පැහැදිලි කරති.
කෙසේවුවත් මැදපෙරදිග ත‍්‍රස්ත සංවිධානවල හැසිරීම පිළිබඳ ප‍්‍රවීණයින්ගේ මතය වන්නේ ඉබෝලා ජෛව රසායනික අවියක් ලෙස යොදාගැනීමට අයිඑස් අන්තවාදීන් උත්සාහ කරනු ඇති වුවත් පවතින තත්ත්වය හමුවේ එවැන්නක් කිරීම ඔවුන්ටම පාරාවළල්ලක් වනු ඇති බවයි.
එක් අන්තවාදියෙකු ඉබෝලා ආසාදනය කරගතහොත් මුළු සේනාංකයකටම එය පැතිර යාමේ අවදානමක් පැවතීමත්,අනෙක් අතට ඉබෝලා තර්ජනය පවතින අපි‍්‍රකා රටකට ගොස් ඉබෝලා ආසාදනය කරගෙන, ගුවන්යානයක නැගී,බටහිර රටකට ගොඩබැස,වෛරසය පතුරවා හැරීමට උත්සාහ කිරීම කිසිසේත්ම ප‍්‍රායෝගික නොවීමත් එයට හේතු ලෙස ඔවුන් පෙන්වා දේ.
එසේවුවත් අවදානමට පෙර සූදානම වැදගත් යැයි ඔවුන්ද පිළිගනී. මේ වෛරසයෙන් මේ වන විට අපි‍්‍රකාවේ 3800 ක් පමණ දෙනා මරු දැක ඇත.තවත් 8000 ක පමණ දෙනා ආසාදිතයින් යැයි හඳුනාගෙන තිබේ.
වෛරසය මර්දනය කිරීමට තවමත් නිසි ප‍්‍රතිකාර ක‍්‍රමයක් සොයාගෙන නොමැති අතර රෝගය වැළදී සුවවුනු පුද්ගලයින්ගේ රුධිරයේ ඇති ප‍්‍රතිදේහ යම් තාක් දුරකට වෛරසය මර්දනය කරන බව පමණක් හදුනාගෙන තිබේ.
මෙනිසා වෛද්‍යවරුන් කරමින් සිටින්නේ රෝගීවූවන්ට රෝගය වැළදී සුවවූවන්ගේ රුධිරය පාරවිලනය කිරීමයි.ඊට අමතරව රෝගීන්ට විවිධ ඖෂධ ලබාදෙමින් අත්හදා බැලීම්ද සිදුවේ.
ඉබෝලා වැළදුණු පුද්ගලයෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකුට වෛරසය ලෙහෙසියෙන්ම පැතිරේ.
ලයිබීරියාව,සියෙරා ලියොන් වැනි රටවල එබෝලා සීඝ‍්‍රයෙන් පැතිර යමින් තිබෙන අතර මියයන්නවුන් අතහැර දමා යන්නට ජනතාව පුරුදුව සිටිනා බැවින් වීදි පුරා මළසිරුරු විසිර ඇත.
රෝගීන්ගේ උපස්ථානයට ඉදිරිපත්වන්නට සහන සේවකයින්ද අකැමැතිය.තමන් උවටැන් කිරීමට ගිය රෝගීන්ගෙන්ම රෝගය වැළදුණු සහන සේවකයෝ 400 කට ආසන්න පිරිසක්ද මියගොස් සිටී.
බටහිරද ඉබෝලා හිසඔසවමින් තිබෙන ලකුණු පෙනෙන්නට තිබෙන අතර බි‍්‍රතාන්‍යයේ,ඇමරිකාවේ එබෝලා වැළදුණු රෝගීන් හමුවී තිබෙන බව වාර්තා වේ.මෙම පුද්ගලයින් අපි‍්‍රකා රටවල සංචාරයන්හි යෙදී පැමිණියවුන් බව හඳුනාගෙන තිබෙන හෙයින් රටට පැමිණෙන්නවුන් දැඩි සේ පරීක්ෂා කිරීමට එම රටවල බළධාරීහු කටයුතු කරමින් සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒඩ්ස් වලින් බේරෙන්න කාමේ සුමිච්චාරා වේරමණී සික්ඛාපාදන් සමාදියාමි කියල බේරුනත් ඉබෝලා වෛරසයෙන් බේරෙන්න වෙන සිල් පදයක් හොයාගන්න වෙයි වගේ. (නදී)
මේ ඇනකොටාගන්නේ මොනවා අයිතිකරගන්නද ? ඇයි මෙහෙම මෝඩ වෙන්නේ මෙච්චර දියුණු ජාතියක් ? අන්තිමේදී මිනිසුන්මයි විනාශවෙන්නේ. (නි)
අපේ රට මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොකක්ද? (නි)
මෙය ඉක්මනින් ඉවරයක් වෙනවා නම් හොඳයි (නදී)
නමුත් ඇතිවන සෑම දෙයකටම මර්දනයක්ද ඇත (නි)
අතීතයේ පැවති උතුරු වියට්නාම් යුද්ධයේදී ඇමරිකාවත් මේ වාගේ රසායනික සහ ජීවවෛරස උතුරු වියට්නාමයට දැම්මා. අද කාලයේත් සමහර රටවල් මෙම ක්‍රම උපයෝගී කරගන්නවා. මේකත් එවැනිම දෙයක්. අවිගත්තෝ අවියෙන්ම නසිති. (නි)
ඇමෙරිකාවට මේ ත්‍රස්තවාදීන් මර්දනය කරන්න අවශ්‍යතාවයක් නැහැ වගේ. ත්‍රස්තවාදයේ උල්පත ඇමෙරිකාව කියලත් සමහරු ඔය කියන්නෙ. අනේ ඉතින් අපිට ඕවා තේරෙන එකක්යැ. (නි)