ඉබෝලා මර්දනය හා ප‍්‍රතිකාර ක‍්‍රම සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබීමට වෛද්‍යවරුන් හා හෙදියන්ගෙන් සැදි කණ්ඩායමක් ඉන්දියාවට යැවීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල කියයි.
වසංගත රෝග නිවාරණ අංශයේ පැවති හමුවකදී රජයේද අනුමැතිය ඇතිව මේ තීරණයට එළඹුනු බව ඔහු පවසයි.
අපි‍්‍රකාවේ වසංගත තත්ත්වයක් තරමට වර්ධනය වී ඇති ඉබෝලා යුරෝපය මෙන්ම ඇමරිකාව වැනි රටවලටද ව්‍යාප්ත වීමේ අවධානමක් ඇතිව තිබෙන හෙයින් අපි‍්‍රකාව හා ශී‍්‍රලංකාව අතර වැඩි සම්බන්ධයක් නොමැති වුවද පැය 24 පුරාම සූදානමින් සිටීම වැදගත් බව ඔහුගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන අතර එයට අනුව කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතුල්වන සංචාරකයින් ඉබෝලා වැළදී ඇත්දැයි සොයාබැලීම සදහා වන විශේෂ පරීක්ෂණයකට යොමු කරවීමටද නියමිතව ඇත.
හදිසියේවත් ඉබෝලා රෝගියෙකු හමුවුවහොත් ඔහුව හෝ ඇයව වහාම අංගොඩ උණ රෝහලට යැවීමට කටයුතු සළස්වා තිබෙන බවත් එහිදී විශේෂයෙන් පුහුණුව ලැබූ වෛද්‍යවරුන් හා හෙදියන් කණ්ඩායමක් රෝගියා පිළිඹද සොයාබලනු ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය රෝග නිවාරණයට පුහුණු වෙන්න පිට රට ගියාම මොන කුණු ලෙඩ හදාගෙන අපහු එයිද දන්නේ නැහැ. දන්නවනේ අපේ අයගේ හැටි.(හේ)
ඩෙංගු මර්ධනයට කියුබාවේ ගියා වගේ තියේවිද මන්දා?(හේ)
කල්කටාවේ මාසයක් ඉඳලා ගාන්ජි කියන ගඟේ දෙසැරයක් ගිලිලා බේරිලා අවොත් මොන ලෙඩක්වත් හැදෙන්නේ නැහැ කියලා කතාවක් තිබෙනවා (නි)
කන්ඩ නැතුව මැරුණත් සැපයි ඔය දහා ජරා ලෙඩේනම් ගෙන්න එපා කියන්න ලංකාවට.දුක්විදල නම් මැරෙන්න බැහැ අපිට තවත්.(අ)
මොනවා වුණත් පෙර සූදානම බොහොම වැදගත් (නි)
පිටිගල අනිත් අයගේ කුණු ලෙඩ හොයන්න ඉස්සරවෙලා තමන්ගේ හදවතට ටිකක් තට්ටු කරගෙන බලන්න. නැත්නම් කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ල අහගන්න තමන්ගේ කෙරුවාවල්. අපිත් මිලානෝනේ ඉන්නේ. අපි නොදන්නා පිටිගල. (නදී)
ගිහිල්ල ඊළඟට ඒකත් එක්කම ආපහු නොඑන්න වග බල ගන්නවා නම් හොඳයි. අපිට වෙන්නේ එහෙම දේවල් නේ. (දිල්)