IMG-LOGO

‘ඉන්සයිට්’ අඟහරු මතට

නාසාහිදීය (ඒ.එෆ්.පී.)

මීට මාස 6 කට පෙර, පෘථිවියෙන් පිටත්ව ගිය ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ඉන්සයිට්නමැති රොබෝ ගවේෂණ යානය ග්‍රිනිච් වේලාවෙන් සඳුඳා (26) පැය 1950ට අඟහරු මතට ගොඩබෑමට නියමිතව ඇත.  

යානය අඟහරු මත ගොඩබෑම සිදුවන්නේ සියුම් ගණනය කිරීම් අනුවය. ඒ සඳහා විශේෂ පැරැෂූට් කට්ටල යොදා ගැනෙයි. යානය පතිත කිරීම සිදුවන්නේ නාසා විද්‍යාඥයන් විසින් කලින් තෝරා ගනු ලැබ ඇති විශේෂ ස්ථානයකටය.

‘ඉන්සයිට්’ රොබෝ යානයේ මූලික අරමුණ අඟහරු පෘෂ්ඨය සිදුරු කර, පාෂණ ස්ථර ගවේෂණය සහ අඟහරු මතුපිට හටගන්නා භූ කම්පන ගැන අධ්‍යයනය කිරීමය. ලබා ගන්නා දත්ත රේඩියෝ සංඥා ලෙස පෘථිවි විද්‍යාඥයන් වෙත ලැබෙන්න සලස්වයි.

ඉන්සයිට් ගවේෂණ යානය අඟහරු පොළොව හාරා ලබා ගන්නා දත්ත මගින් අඟහරු ග්‍රහයා නිර්මාණය වූ හැටි සහ අඟහරු ග්‍රහයාගේ පරිණාමය පමණක් නොව අඟහරු, පෘථිවිය, සිකුරු, බුද වැනි පාෂාණමය ග්‍රහයන්ගේ පැවැත්ව සම්බන්ධයෙන් ද රහස් රැසක් හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඉන්සයිට් යානය පෘථිවියෙන් පිටත්ව අඟහරු බලා ගියේ පසුගිය මැයි මාසයේදීය. ඉන්සයිට් රැගත් ඇට්ලස් රොකට්ටුව ගුවන්ගත කිරීම සිදුවූයේ කැලිෆෝනියාවේ ගගන කඳවුරෙනි. අඟහරු මතුපිට කැණීම් සිදු කරන ඉන්සයිට් යානයේ බර කිලෝ ග්‍රෑම් 360කි. එහි දිග මීටර් 6 ක් වන අතර පළල මීටර් 1.5ක් යැයි නාසා ආයතනය කියයි. 

මෙම සම්පූර්ණ වැඩසටහනේ වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 993ක් බව පැවසේ.

‘රෝවර්ස්’, ‘ඕබිටර්ස්’ සහ ‘ප්‍රෝබ්ස්’ යන අභ්‍යවකාශ යානා යොදා ගනිමින් ලොවපුරා විවිධ අභ්‍යාවකාශ ආයතන අවස්ථා 43කදී අඟහරු වෙත ළඟවීමට උත්සාහ කළ ද ඒ සියලු උත්සහයන් අසාර්ථක විය. 



අදහස් (2)

‘ඉන්සයිට්’ අඟහරු මතට

minisa Tuesday, 27 November 2018 08:56 AM

43 වතාවක් බොඳ වී ගිය සිහිනය අද සැබෑ කරගෙන ඇත. මිනිස් වර්ගයාගේ නොපසුබස්නා උත්සාහය කෙදිනක හෝ ජය ලබන බවට මීටත් වඩා සාක්ෂි කුමටද? මේ සියවස ගෙවෙන්නට පෙර අඟහරු මත මිනිස් ජනාවාස ඉදි වීම අනිවාර්යයෙන් සිදුවනු ඇත. අඟහරු මත අර්තාපල් වැවිය හැකි බව මේ වන විටද ඔප්පු කර හමාරය.

:       3       50

gaminiWednesday, 28 November 2018 03:23 AM

මිට කලින් කියුරිඔසිට්, පාත්ෆෛන්ඩර් වගේ රොබෝ යානා අගහරු වලට ගොඩ බැස්සුවා. එවාඉන් එවපු video ඒ දවස් වල නිතරම රුපවහිනියේත් ගියා. අර්තාපල් වවන සිද්දිය තියෙන්නේනම් චිත්රපටියක එක ඇත්තටම සිද්ද වෙච්ච දෙයක් නෙමෙයි.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1800 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site