IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඉන්ධන මිල ඉහළ යයි: බංග්ලාදේශයේ විරෝධතා

බංගලාදේශ රජය සියයට 52 කට ආසන්න ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ එරට නගර කිහිපයක විරෝධතා පැවැත්වෙන බව විදෙස්  වාර්තා කළේය.

බංගලාදේශය නිදහස ලැබීමෙන් පසු ඉන්ධන මිල ඉහළ දැමූ වැඩිම ප්‍රතිශතය මෙය යැයි විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් කෝපයට පත් ජනතාව ඉන්ධන පිරවුම්හල් වට කරමින්, අසාධාරණ මිල වැඩි කිරීම නැවත හකුළා ගන්නා ලෙස රජයට බල කර සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

බංගලාදේශ රජය ඉන්ධන මිල වැඩි කිරීමට හේතු වූයේ යුක්රේන - රුසියා යුද්ධය හේතුවෙන් බවට කරුණු දක්වා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ඉන්ධන මිල ඉහළ දැමීම බංගලාදේශයේ දැනටමත් සියයට 7 කට වැඩි උද්ධමනය ඉහළ යාමට බලපානු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පවසති. බංගලාදේශයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 416 ක ආර්ථිකය ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් ගෙන් එකක් ලෙස සැලකෙයි.

කෙසේ නමුත් ඉහල යන බලශක්ති නිෂ්පාදන සහ ආහාර මිල හේතුවෙන් බංගලාදේශයේ ආනයන වියදම ඉහල ගොස් ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ගෝලීය ආයතන වලින්  ණය පහසුකම් ලබා ගැනීමට බංගලාදේශය අසරණ කර ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (0)

ඉන්ධන මිල ඉහළ යයි: බංග්ලාදේශයේ විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 503 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site