
බංගලාදේශ රජය සියයට 52 කට ආසන්න ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ එරට නගර කිහිපයක විරෝධතා පැවැත්වෙන බව විදෙස් වාර්තා කළේය.
බංගලාදේශය නිදහස ලැබීමෙන් පසු ඉන්ධන මිල ඉහළ දැමූ වැඩිම ප්‍රතිශතය මෙය යැයි විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් කෝපයට පත් ජනතාව ඉන්ධන පිරවුම්හල් වට කරමින්, අසාධාරණ මිල වැඩි කිරීම නැවත හකුළා ගන්නා ලෙස රජයට බල කර සිටි බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
බංගලාදේශ රජය ඉන්ධන මිල වැඩි කිරීමට හේතු වූයේ යුක්රේන - රුසියා යුද්ධය හේතුවෙන් බවට කරුණු දක්වා ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඉන්ධන මිල ඉහළ දැමීම බංගලාදේශයේ දැනටමත් සියයට 7 කට වැඩි උද්ධමනය ඉහළ යාමට බලපානු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පවසති. බංගලාදේශයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 416 ක ආර්ථිකය ලෝකයේ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් ගෙන් එකක් ලෙස සැලකෙයි.
කෙසේ නමුත් ඉහල යන බලශක්ති නිෂ්පාදන සහ ආහාර මිල හේතුවෙන් බංගලාදේශයේ ආනයන වියදම ඉහල ගොස් ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ගෝලීය ආයතන වලින් ණය පහසුකම් ලබා ගැනීමට බංගලාදේශය අසරණ කර ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd