IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්ධන බෙදා හැරීමට හමුදා සහාය

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා හමුදාව යොදවන බව බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර කටයුතු පිළිබඳ ලේකම් (අමාත්‍ය) ක්වාසි ක්වාටන්ග් පවසයි.

ලොරි රථ රියදුරන්ගේ හිඟය හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ මෙන්ම යුරෝපයේ රටවල් කිහිපයකම මේ වනවිට අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබේ.

මෙම අර්බුදවලින් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ එක්සත් රාජධානියට වන අතර තෙල් සමාගම් කිහිපයක් ම සිය ඉන්ධන පිරවුම් හල් වසා දමන බවට ප්‍රකාශ කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය වැසියෝ ඉකුත් දින කිහිපයේ දී ඉන්ධන පිරවුම්හල්වලට රැස්වූහ. ඉන්ධන පිරවුම් අසල දිගු පෝලීම් නිර්මාණය වී ඇති ආකාරය ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඉන්ධන බෙදා හැරීම සඳහා ඉදිරි දින කිහිපයේ දී හමුදාව යොදවන බව පෙට්‍රල් සැපයුම් සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය විසඳීමට හැකිවනු ඇතැයි ද ක්වාසි ක්වාටන්ග් පැවැසීය. ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම් නිර්මාණය වී ඇති බවත් පිළිගත් අමාත්‍යවරයා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් වී ඇතැයි ද කීය.

මේ හේතුවෙන් දුෂ්කරතා රැසක් මතු වී ඇතැයි ද හෙතෙම කීවේ ය. එක්සත් රාජධානිය තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා ඉන්ධන සැපයුම ක්‍රමවත් කිරීමත් සමඟ මෙම අර්බුදය පහව යනු ඇතැයි ද කීය.

ඉන්ධන ටැංකි රැගත් ලොරි රථ ධාවනය කිරීම සඳහා මේ වනවිට හමුදා සොල්දාදුවන් 150 දෙනකු සූදානම් කර ඇති බවත් ඔහු පැවැසීය.

ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුදය විසඳීම සඳහා හමුදාව සූදානමින් තිබන බව බ්‍රිතාන්‍ය රජය ඉකුත් දින කිහිපයේදීම ප්‍රකාශ කළේය. කෙසේ නමුත් මෙම කටයුතු සඳහා හමුදාව යෙදවීමට දින කිහිපයක් ගතවනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

(රොයිටර්)



අදහස් (1)

ඉන්ධන බෙදා හැරීමට හමුදා සහාය

ruwan Thursday, 30 September 2021 10:01 PM

එහෙම වෙන්නේ එංගලන්තෙ... හැබැයි එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ රටේ තෙල් පෝලිම් නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site