කොංගෝ සමූහාණ්ඩුවේ මධ්‍යම පළාතේ ඉන්ධන ප්‍රවාහන රථයක් අනතුරට ලක්වීමෙන් 50ක් මියගොස් 100ක් පමන බරපතල ලෙස තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රථය තවත් රථයක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.
තුවාල ලැබූ අය බරපතල ලෙස පිළිස්සීමට ලක්වි ඇතැයි ද ඔවුන් ප්‍රදේශීය රෝහල් කිහිපයකට ඇතුලල් කර ඇතැයි ද බලධාරීහු පවසති.
කොන්ගෝවේ අගනුවරට කිලෝමීටර් 130ක් පමණ දුරින් ග්‍රාමීය පෙදෙසක මෙම අනතුර සිදුව ඇති හෙයින් තුවාල කරුවන් රෝහල් කරා ප්‍රවාහණය කිරීම හා ඔවුන්ට ප්‍රකිකාර ලබාදීම අපහසු වී ඇති බව පැවසේ.
කෙසේ වුවද තිබෙන පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යොමු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
දුෂ්කර මාර්ගයක ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුවූ බවත් වසර ගනනාවක් තිස්සේ පැවති යුද්ධයකින් පසු කොංගෝවේ මාර්ග බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

(රෝයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන ප්‍රවාහන රථ අනතුරින් 50ක් මරුට