කොංගෝ සමූහාණ්ඩුවේ මධ්‍යම පළාතේ ඉන්ධන ප්‍රවාහන රථයක් අනතුරට ලක්වීමෙන් 50ක් මියගොස් 100ක් පමන බරපතල ලෙස තුවාල ලබා ඇතැයි වාර්තා වේ. රථය තවත් රථයක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත.


තුවාල ලැබූ අය බරපතල ලෙස පිළිස්සීමට ලක්වි ඇතැයි ද ඔවුන් ප්‍රදේශීය රෝහල් කිහිපයකට ඇතුලල් කර ඇතැයි ද බලධාරීහු පවසති.


කොන්ගෝවේ අගනුවරට කිලෝමීටර් 130ක් පමණ දුරින් ග්‍රාමීය පෙදෙසක මෙම අනතුර සිදුව ඇති හෙයින් තුවාල කරුවන් රෝහල් කරා ප්‍රවාහණය කිරීම හා ඔවුන්ට ප්‍රකිකාර ලබාදීම අපහසු වී ඇති බව පැවසේ. 


කෙසේ වුවද තිබෙන පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා යොමු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.


දුෂ්කර මාර්ගයක ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුවූ බවත් වසර ගනනාවක් තිස්සේ පැවති යුද්ධයකින් පසු කොංගෝවේ මාර්ග බොහොමයක් ඉතාමත් අබලන් තත්ත්වයේ පවතින බවත් මාධ්‍ය වාර්තා කර ඇත.



(රෝයිටර් පුවත් ඇසුරිණි - 085)