මොසැම්බික් රාජ්‍යයේ ටේට් පළාතේ මලාවි දේශසිමාව ආසන්නයේ ඉන්ධන සහිත ට්‍රක් රථයක් පිපිරීමෙන් 73දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් 100දෙනෙක් තුවාල වී ඇතැයි ද සමහරකුගේ තත්වය බරපතල බවද වාර්තා වේ.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ අනතුරට ලක් වූ ට්‍රක් රථයෙන් ගම්වැසියන් ඉන්ධන ලබාගැසීමට ගිය අවස්ථාවේ එය පුපුරා ගොස් ඇති බවයි.
රජයේ බලධාරීන් පවසන්නේ ප්‍රදේශවාසීන් ට්‍රක් රථයෙන් බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කරද්දී එය පුපුරන්නට ඇති බවයි. අනතුරට පත්වන අවස්ථාවේ ට්‍රක් රථය වරාය නගරයක් වන බෙයිරා සිට මලාවි දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබිණි.
මොසැම්බික් රාජ්‍යය ලෝකයේ දිළිඳුම රටවල් වලින් එකකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd