සන්නිවේදන චන්ද්‍රිකාවක් සහිත රොකට්ටුවක් අද (20) අභ්‍යාවකාශ ගත කරන බව ඉන්දීය අභ්‍යාවකාශ පර්යේෂණ සංවිධානය පවසයි. මෙය සන්නිවේදන චන්ද්‍රිකාවක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ශ්‍රී හරිකොටා ගගන මධ්‍යස්ථානයෙන් මෙය අභ්‍යාවකාශගත කිරීමට නියමිතය.
ඉන්දියාවේ සැළසුම වී ඇත්තේ 2016 වසර අවසන්වන විට සන්නිවේදන චන්ද්‍රිකා හතක් ස්ථානගත කිරීම වන අතර මෙය ඒ අතරින් පස්වැනි සන්නිවේදන චන්ද්‍රිකාව වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් තව එකක් යවමු (නි)
අපේ රටේ බඩුමිල උඩයන වේගයට,ඔය ඔක්කොම චන්ද්‍රිකා පරාදයි. (නි)
චන්ද්‍රිකා කෙසේ වෙතත් දැයේ අනාගතය බාරගැනීමට සිටින පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට ඩෙස් එකක් පුටුවක් නැහැ..ඉටිකොළ වල වාඩිවෙලා ඉගෙනගන්නේ.ඔන්න අපි ලබලා තියෙන දියුණුව...? (බ)
මේ ප්‍රවෘතිය මුලින්ම මාසිතේ ඉතාමත්ම සතුටක්, ප්‍රීතියක් මෙන්ම මහත්වූ ආඩම්බරයක් ඇතිකළා.ඒ ආතර් සි ක්ලාර්ක් නමින් අපි කවුරුත් දන්නා,ශ්‍රී ලංකාව සිය නිවෙස බවට පත්කරගත් , ලෝක ප්‍රකට අනාගතය ගැන විද්‍යත්මක අනාවැකි කියන්නා සහ ගත් කතුවරයා නිසයි. 1945 දී " වයර්ලස් වර්ල්ඩ් " නමැති ලෝකප්‍රකට සඟරාවකට එතුමා සැපයු ලිපියක් මගින්, ලොවේ මුල්වරට " සන්නිවේදන චන්ද්‍රිකාවක් "ගැන අදහසක් පලකලා.පෘතුවියේ මධ්‍යයේ සිට කිලෝ මීටර් 35,780 උස අහසේ රඳවන චන්දිකාවක් සහ පොළොවේ ස්ථාන 3 ක් ස්ථාපිත " රිලේ " මධ්යයස්ථාන 3 ක් මගින් මුළු ලොවටම එකවර සන්නිවේදන කටයුතු කරගෙන යා හැකියි කියා.අදහසක් පමණක් වුන මේ ලිපිය, තවත් වසර 20 කට පසුව 1965 දී ඉන්ටෙල් සැට් 1 සන්නිවේදන චන්ද්‍රිකාව ගුවනට යැවීමෙන් පසු මල්පලගත්තා.එදා සිට අදවෙනවිට චන්ද්‍රිකා තාක්ෂනය අතිවිශාල ලෙස දියුණුවෙමින් විශ්වයේ ජිවය ඇති ඉසවු සොයා යමින් සිටිනවා. එහෙත් මේ චන්ද්‍රිකාවේ අදහස මුලින්ම පලකල ඒ ශ්‍රී ලංකාව තම " මවු රට කොට " සැලකු ඉංග්‍රීසි ජාතික ආතර් සි ක්ලාර්ක් මහතා 2008 දී අපේ රටේදීම අවසන් හුස්මහෙලා අපේම රටේ මිහිදන් වුනා.නමුත් 1947 දී, ඒ කියන්නේ අපිට වඩා වසරකට කලින් නිදහස ලැබූ ඉන්දියාව අද සෙනසුරුගේ චන්ද්‍රයෙකුගේ කක්ෂයකට යානාවක් යැවීමට පවා සමත්වී තිබීමම ,ඔවුන් ලබා ඇති තාක්ෂණික දියුණුවේ මහිම කියාපානවා.අප රටවල් 2 අතර නොයෙකුත් දේශපාලනික මතිමතාන්තර තිබුනත්, ඉන්දියාවේ ඇති නැති පරතරය අහස උසට තිබුනත්, මේ" තිත්ත ඇත්ත " අපට පිළිගන්නට සිදුවෙනවා.ඒ විතරක් නොවෙයි..දකුණු ආසියාවේ පළමුවෙනි " ඉන්ටෙර්නෙට් " කේබලය ස්ථානගතකලේ ශ්‍රී ලංකාවේ.නමුත් ඊට පසු ඉන්ටෙර්නෙට් සම්බන්ධතා ලබාගත් ඉන්දියාව ,අපපසුකරගෙන බොහෝ දුර ගිහින්.අපි තවමත් එදා හිටි තැනම නොවේදැයි..මට මහත්වූ පසුතැවීමක් ඇතිවෙනවා..ඒ පමණක් නොවෙයි...අප රටට ජාත්‍යන්තර සම්මුතියකින් හිමිවී ඇති "චන්ද්‍රිකා ස්ථාන ගතකිරීමේ " කක්ෂයන් " වලින් කිහිපයක් හෝ යම්කිසි දේශපාලුවෙක් විසින් වෙනත් රටකට දැනටමත් රහසින්ම විකුණා ඇත්දැයි' යන සිතුවිල්ලකුත් මාසිතේ පවතිනවා. උගත් ,බුද්ධිමත් ඔබම තීරණය කරන්න ...ඇයි අපට මෙහෙම සිදුවුනේ කියා.
ඉන්දියාව දවසින් දවස ඉදිරියට යනවා. අපි එකම තැන. රටට හරි හමන් නායකයෙක් නැති එකේ ප්‍රතිපල. (බ)
ඉමේෂ්, ඒක නෙමෙයි ප්රශ්නය. හිටපු නායකයෝ මුළු රටේම සම්පත් තම පවුලේ අය සහ ඇම්බැට්ටයින් සමඟ එකතුව හොරකම් කිරීමත්, අපේ රටේ ඡන්දදායකයින් නුසුදුස්සන් නැවත නැවතත් මනාප දී පාර්ලිමේන්තුවට යැවීමත්, පහුගිය ආණ්ඩුවේ සිටි හොරුන් නැවත මේ ආණ්ඩුවට එකතුවීම නිසා ඔවුන්ට විරුද්ධව චෝදනා යටගසා නැවත හොරකම් කිරීමට පටන් ගැනීමත්ය. මේ නිසා අපේ රටට චන්ද්‍රිකාවක් තව අවුරුදු 50 කින්වත් අභ්‍යවකාශගත කරගැනීමට බැරිය. ජනතාව දිනෙන් දින දුප්පත් වෙන අතර දේශපාලකයෝ සහ ඔවුන්ගේ ඇම්බැට්ටයින් පොහොසත් වෙති (නි)
අපි යවපු එකට මොකද වුණේ? (නි)
දහම්, මෙහෙනුත් එකක් යවනවලු (නි)