මිට වසර හයකට පෙර අතුරුදහන් වූ ඉන්දියා  දරුවෙකු බංගලාදේශයෙන් සොයාගෙන ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.

එම දරුවා දිල්ලියේදී අතුරුදන් වී තිබෙන අතර ඉන්පසු ඔහු බංගලාදේශයේ වහල් සේවයේ යෙදවීමට රැගෙන ගොස් තිබේ. දිල්ලියේ සිට දරුවා පැහැරගෙන ගිය බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනකුට විරුද්ධව බංගලාදේශයේ පරීක්ෂණයක් පැවැත්වෙයි.

සෝනු නම් වූ එම දරුවා බංගලාදේශයේදී හමුවී තිබෙන්නේ ජමාල් මුසා නම් බංගලදේශ පුද්ගලයෙකුට වන අතර එම දරුවා ජමාල්ගේ අසල්වැසි නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබේ.

දරුවාට නිවැසියන් විසින් පනවන ලද අසීමිත හිරිහැර දුටු ජමාල් පොලිසියට දැනුම් දුන්නද පොලිසිය ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කර නැත. එනිසා ඔහු සැලසුම් සහගත ලෙස දෙසැම්බරයේදී එම දරුවාව   නිවසින් මුදවාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අධිකරණයේදී තීන්දු වූ පරිදි සෝනු ළමා නිවාසයකට යොමු කෙරිණි. නමුත් දරුවා ගේ ඉල්ලීමකට සහ දුන් තොරතුරකට අනුව ජමාල් ඉන්දියාවේ දිල්ලි නුවරට පැමිණ දරුවාගේ දෙමාපියන් සොයා ඔවුන් බංගලාදේශයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එහිදී කෙරුණු ඩි.එන්.ඒ පරීක්ෂණයකට අනුව දරුවාගේ හිමිකම එම දෙමාපියන් වෙත ලබා දී නැවත ඉන්දියාවට යාමට අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.