ඉන්දියාවේ බෝපාල් බන්ධනාගාරයෙන් පැන ගිය අට දෙනා වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් එම අන්තවාදී සංවිධානයක සාමාජිකයන් අට දෙනාට වෙඩි තබා ඇතැයි කියති.


ඉන්දියාවේ තහනම් කළ ඉස්ලාමීය සිසු සංවිධානයක සාමාජිකයන් අට දෙනකු බෝපාල්හි දැඩි ආරක්ෂිත බන්ධනාගාරයක ආරක්ෂක නිලධරයකු මරා ඉන් පැන ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසයි.

එසේ පැන ගිය අයගෙන් තිදෙනකු මීට වසර තුනකට පෙර කන්ද්වාහි සිරගෙයක් බිඳීම සම්බන්ධයෙන් හඳුනාගත් අයවෙති.

අලුයම දෙකට පමණ බෝපාල් හි සිර මැදිරියෙන් පැන ගොස් ඇති මොවුන් ආරක්ෂක නිලධාරියකු බැඳ දමා ඇති අතර තවත් අයකුගේ උගුරු දණ්ඩ යකඩ තහඩුවකින් හා වීදුරුවකින් කපා මරා දමා ඇතැයි වාර්තාවේ.

ඇඳ ඇතිරිලි මගින් කඹයක් සාදා බන්ධනාගාර තාප්පයෙන් පැන ඇති ඔවුන් ඒ සඳහා දීපවාලී සැනකෙලිය වෙනුවෙන් රතිඤ්ඤා දැල්වෙන අවස්ථාවක් තෝරාගෙන ඇතැයි කියති. ඒ රතිඤ්ඤා හඬ නිසා ඔවුන් පැන යන ශබ්දය ඇසීම වළක්වාගැනීමටයි.

මෙම සිද්ධිය නිසා බන්ධනාගාර නියාමකවරයකුගේ හා තවත් ආරක්ෂක නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි කියති.