ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 30 දෙනකු පමණ මියගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසයි.

අනතුරින් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇත. බස්රියේ 38 දෙනකු ගමන් කරමින් සිට ඇති අතර ඉන්දියාවේ ජාත්‍රා නමැති ප්‍රාසාංගික කණ්ඩායමක පිරිසක් ඊට අයත් වෙතියි කියති. අඩි 200-250ක් පමණ ප්‍රපාතයකට බස් රිය පෙරළීයාමෙන් අනතුර සිදුව ඇත.

අනතුර සිදුවූ ස්ථානයෙ තිබී 25 දෙනකුගේ මළ සිරුරු සොයාගත් බව ඉන්දීය පුවත් සේවා කියයි.