IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවෙත් ගැටුම්

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රදේශයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම් වලදී මාවෝවාදී කැරලිකරුවන් 24 දෙනෙකු මිය ගිය බව ඉන්දීය පොලිසිය පවසයි.එහිදී එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ බව වාර්තා වෙයි.

මාවෝවාදීන්ගේ පාලනය යටතේ තිබෙන ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත සිමාවේ කැළයක දී මෙම ගැටුම් ඇති විය. මාවෝවාදීන් පවසන්නේ ඔවුන් කොමියුනිස්ට් පාලනයක් සඳහා සහ දුගී ගෝත්‍රික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බවයි.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සහ ගැනීමේදී වෙඩි හුවමාරුවක් සිදු වී ඇත.එම ප්‍රදේශය කැරලිකරුවන්ගේ පුහුණු කඳවුරක් බව දිස්ත්‍රික් භාර ප්‍රධාන පොලිස් නිලධාරී මිත්‍රභානු මහපත්‍රා පැවසිය.එම ප්‍රදේශයේ තිබී ස්වයංක්‍රිය රයිෆල් තුවක්කු ඇතුළු ආයුධ රැසක් සොයාගත් බවද ඔහු කියයි.

මිය ගිය අය අතර ප්‍රධාන මාවෝවාදී නායකයින් ද සිටින බව පොලිසිය පවසයි.පැනගිය කැරලිකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම සිදුවීම තමන් ලැබූ ජයග්‍රහණයක් බව දිගු කාලයක් තිස්සේ මාවෝවාදී ප්‍රහාර වලට ලක්වෙන ඔරිස්සා හි ආරක්ෂක අංශ කියයි.2008 වසරේදී  පොලිස් රථයකට මාවෝවාදී කැරලිකරුවෝ ප්‍රහාරයක් එල්ල කළහ.ඉන් 18 දෙනෙක් මියගියහ.

275 

_92064859_maoistrebelschattiosap



අදහස් (0)

ඉන්දියාවෙත් ගැටුම්

සුනිල් ගිකියනගේ Tuesday, 25 October 2016 01:03 AM

මෙය ඒ ජනතාව පෙළන ප්‍රශ්න නිසා හටගෙන ත‍ිබෙන්නක්. සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් අාරක්ෂා කිරීමට ඉන්දීය මධ්‍යම රජය බැඳීසිටින බව අපි දනිමු. මේ ජනකණ්ඩායමට ඒ අයෙග් අයිතිවාසිකම් අාරක්ෂා කරගැනීමට අැති අයිතියට අපි ගරු කරන අතර දෙපාර්ශවයම සාමකාමිව සාකච්ඡාවෙන් මේ ගැටලුව විසඳාගනු අැතැයි අපි අපේක්ෂා කරමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 639 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site