ඉන්දියාවේ ඔරිස්සා ප්‍රදේශයේදී පොලිසිය සමග ඇති වූ ගැටුම් වලදී මාවෝවාදී කැරලිකරුවන් 24 දෙනෙකු මිය ගිය බව ඉන්දීය පොලිසිය පවසයි.එහිදී එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ බව වාර්තා වෙයි.
මාවෝවාදීන්ගේ පාලනය යටතේ තිබෙන ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත සිමාවේ කැළයක දී මෙම ගැටුම් ඇති විය. මාවෝවාදීන් පවසන්නේ ඔවුන් කොමියුනිස්ට් පාලනයක් සඳහා සහ දුගී ගෝත්‍රික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන බවයි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එහි ගිය පොලිස් නිලධාරීන් කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සහ ගැනීමේදී වෙඩි හුවමාරුවක් සිදු වී ඇත.එම ප්‍රදේශය කැරලිකරුවන්ගේ පුහුණු කඳවුරක් බව දිස්ත්‍රික් භාර ප්‍රධාන පොලිස් නිලධාරී මිත්‍රභානු මහපත්‍රා පැවසිය.එම ප්‍රදේශයේ තිබී ස්වයංක්‍රිය රයිෆල් තුවක්කු ඇතුළු ආයුධ රැසක් සොයාගත් බවද ඔහු කියයි.
මිය ගිය අය අතර ප්‍රධාන මාවෝවාදී නායකයින් ද සිටින බව පොලිසිය පවසයි.පැනගිය කැරලිකරුවන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම සිදුවීම තමන් ලැබූ ජයග්‍රහණයක් බව දිගු කාලයක් තිස්සේ මාවෝවාදී ප්‍රහාර වලට ලක්වෙන ඔරිස්සා හි ආරක්ෂක අංශ කියයි.2008 වසරේදී පොලිස් රථයකට මාවෝවාදී කැරලිකරුවෝ ප්‍රහාරයක් එල්ල කළහ.ඉන් 18 දෙනෙක් මියගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඒ ජනතාව පෙළන ප්‍රශ්න නිසා හටගෙන තිබෙන්නක්. සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් අාරක්ෂා කිරීමට ඉන්දීය මධ්‍යම රජය බැඳීසිටින බව අපි දනිමු. මේ ජනකණ්ඩායමට ඒ අයෙග් අයිතිවාසිකම් අාරක්ෂා කරගැනීමට අැති අයිතියට අපි ගරු කරන අතර දෙපාර්ශවයම සාමකාමිව සාකච්ඡාවෙන් මේ ගැටලුව විසඳාගනු අැතැයි අපි අපේක්ෂා කරමු (නි)