ඉන්දියාවේ චෙන්නායි, තිරුවලූර් හා කාන්චිපුරම් හි තද වැසි හේතුවෙන් ජන ජීවිතය අඩාලවී ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

තමිල්නාඩු ප්‍රාන්තයේ කොටසකට එක දිගට දින දෙකක් පුරා මහ වැසි ඇදහැළෙමින් පවතී. බෙංගාල ප්‍රදේශයේ අව පීඩනයක් හේතුවෙන් මෙම අයහපත් කාලගුණය ඇතිවී ඇතැයි එරට කාලගුණ අංශ පවසයි.

ඉදිරි දින දෙක තුළද අධික වැසි ඇතිවන බව එම ආරංචි පවසා සිටී.

තිරුවාරුර් දිස්ත්‍රික්කයේ නාන්නිලම් හි උපරිම වර්ෂාපතනය සෙන්ටිමීටර් 14ක් වූ බව කියති. එම ප්‍රදේශවල පාරවල් යටවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.