ඉන්දියාව ආසන්නයේ වර්ධනය වෙමින් පවතින සුළි සුළඟ ඉදිරි පැය කිහිපයේ දී ඉන්දියාවේ බටහිරි දිග ප්‍රාන්තයක් වන ගුජරාට්දෙසින් ඇතුළු වී දරුණු විපත් ගෙන දීමට ඉඩ ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ධීවරයන්ට මුහුදු යාමෙන් වැලකී සිටින ලෙස ද දැනුම් දී ඇත. සුළි සුළඟ පැයට කිලෝ මීටර 145ක් වේගයෙන් හමායනු ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන්කැර ඇත.

ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බවත් මුහුදු පෙදෙස් දැඩි රළු ස්වභාවයක් ගන්නා බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අප්‍රේල් සහ නොවැම්බර් අතර කාලයේ දී ඉන්දියාවේ නැගෙනහිර වෙරළට හා බංග්ලාදේශයට සුළි සුළං ඇතිවේ. සතිකිහිපයකට පෙර එලෙස ඇතිවූ හුඩ්හුඩ් චන්ඩමාරුතයෙන් 40 දෙනකු මියගොස් 350,000කට විපතට පත්වූහ.