ඉන්දියාවේ බටහිර වෙරළ තීරයට මහ වැසි ඇද හැලීමත් ගංගා පිටාර ගැලීමත් හේතුවෙන්, මුම්බායි, ගෝව ඇතුළු ප්‍රධාන නගර රැසක් දරුණු ලෙස ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 115 ක් බවත්, 1,50,000 කට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ගෝව නගර බලධාරීන්ට අනුව, දක්ෂ ගණනකට පසු නගරයට බලපෑ දරුණුතම ජල ගැලීම් තත්ත්වය මෙයයි.
වැඩිම පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන්නේ මුම්බායි නුවර කේන්ද්‍රකොට ගනිමිනි.
මුම්බායි නුවර සිදුවුණු මරණ 47 කි. ස්ථාන කීපයක හටගත් නායයෑම් හේතුවෙන් 53 දෙනකු මඩ තට්ටු අතරේ සිරවුණු බවත් ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කළ බවත් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඉන්දියාවට මහ වැසි: මුම්බායි ජලයෙන් යටවෙයි