ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය නැවැත්වීමට තමන් තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය. 
 
 ඇමෙරිකා එක්සත් ජනපදය ලබාදුන් වෙළෙඳ සහනය යටතේ ඉන්දියාවට ඇමෙරිකාව වෙත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් වටිනා භාණ්ඩ තීරුබදු රහිතව අපනයනය කිරීමට අවස්ථාව හිමිවිය. 
 
ඇමෙරිකාවේ සහ අනෙකුත් අතර රටවල් අතර වෙළෙඳාම්වල වෙළෙඳ හිඟ අඩු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිරන්තරයෙන් පවසයි. වෙළෙඳ හිඟයන් වැඩි යැයි ද හෙතෙම කියයි. ඉන්දියාවේ තීරුබදු ඉහළ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම පැවැසීය.
 
“ඇමෙරිකාවත් ඉන්දීය රජයත් අතර පැවැති සාකච්ඡා අසාර්ථක බව පෙනී යන නිසා මම මේ පියවර ගන්නවා. ඉන්දියාව එරට වෙළෙඳපොළට පිවිසීම සඳහා සාධාරණ සපයන බව ඇමෙරිකාවට තහවුරු කරලා නැහැ” යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රස් නායකයන්ට ලිපියක් යවමින් සඳහන් කර ඇත.  
 
එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත කාර්යාලයේ දත්තවලට අනුව 2017 වසරේදී ඇමෙරිකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ හා සේවා වෙළෙඳ ශේෂයේ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 27.3ක් විය. 
 
රොයිටර් ඇසුරිනි  
 
 
055