IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්දියාවට දුන් තීරුබදු සහනය නැවතීමට ට්‍රම්ප් සැරසේ


ඉන්දියාවට ලබාදුන් තීරුබදු සහනය නැවැත්වීමට තමන් තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පැවැසීය. 
 
 ඇමෙරිකා එක්සත් ජනපදය ලබාදුන් වෙළෙඳ සහනය යටතේ ඉන්දියාවට ඇමෙරිකාව වෙත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.6ක් වටිනා භාණ්ඩ තීරුබදු රහිතව අපනයනය කිරීමට අවස්ථාව හිමිවිය. 
 
ඇමෙරිකාවේ සහ අනෙකුත් අතර රටවල් අතර වෙළෙඳාම්වල වෙළෙඳ හිඟ අඩු කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිරන්තරයෙන් පවසයි. වෙළෙඳ හිඟයන් වැඩි යැයි ද හෙතෙම කියයි. ඉන්දියාවේ තීරුබදු ඉහළ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම පැවැසීය.
 
“ඇමෙරිකාවත් ඉන්දීය රජයත් අතර පැවැති සාකච්ඡා අසාර්ථක බව පෙනී යන නිසා මම මේ පියවර ගන්නවා. ඉන්දියාව එරට වෙළෙඳපොළට පිවිසීම සඳහා සාධාරණ සපයන බව ඇමෙරිකාවට තහවුරු කරලා නැහැ” යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රස් නායකයන්ට ලිපියක් යවමින් සඳහන් කර ඇත.  
 
එක්සත් ජනපදයේ වෙළෙඳ නියෝජිත කාර්යාලයේ දත්තවලට අනුව 2017 වසරේදී ඇමෙරිකාව සහ ඉන්දියාව අතර භාණ්ඩ හා සේවා වෙළෙඳ ශේෂයේ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 27.3ක් විය. 
 
රොයිටර් ඇසුරිනි  
 
 
055

 



අදහස් (4)

ඉන්දියාවට දුන් තීරුබදු සහනය නැවතීමට ට්‍රම්ප් සැරසේ

de silva berlin Tuesday, 05 March 2019 08:16 AM

ඇමරිකාව ඉන්දියාවෙන් එන භාණ්ඩ වලට බදු සහන දෙනවානම් ඉන්දියාවත් එම සහනයම ඇමරිකන් භණ්ඩ වලට දෙන්න ඕනේ එහෙම කරන්නේ නැත්නම් ඇමරිකාව බදු වැඩි කරන එක සාධාරණය ,

:       54       271

රවින් Wednesday, 06 March 2019 01:50 AM

උඹ නාඩන් උඹ නාඩන් .... උඹට මේවා හොඳ පාඩම්. කිසිවෙක් අනුන්ට වාසි වෙන විදියට වෙළෙඳ ගිවිසුම් ගහන්නේ නැත.

:       0       5

CHANDIMA Wednesday, 06 March 2019 03:11 AM

ඇමෙරිකාව කොයි තරම් ව්‍යාපාරික ඥානයෙන් අගතැන් පත් උනත් අන්තිමේ ඉන්දියන් කාරයෝ ඇමෙරිකාවේ කනෙන් රිංගුවා. එහෙව් කපටි කයිරාටික රැලකට තමයි අපේ උපාය මාර්ග කාරයෝ දුර දක්නා ණුවනින් බලල ලංකාවේ ආර්ථිකය විවෘත කරන්න යන්නේ?

:       21       85

himalWednesday, 06 March 2019 10:10 AM

ඉන්දියානු භාණ්ඩවල පිරිවැය අඩු නිසා වෙළෙඳ පරිමාව ඉහළ යනවා. මොන ගිවිසුම ගැහුවත් ඒකේ වාසි අවාසි දෙකම තිබෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 786 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1764 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site