
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඉන්දියාවට අමතර තීරුබදු පැනවීමක් සිදු කරන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා ඇලස්කාවේ ඇන්කර්ජ් නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පැවැතිණි. රුසියන් යුක්රේන යුද්ධයේ දී ඉන්දියාවේ ස්ථාවරය වී ඇත්තේ රුසියාවත් යුක්රේනයත් යුද්ධය නැවත්වා සාමයට යා යුතු බවය. එසේ වුවත් ඉන්දියාව, රුසියාව සමඟ වැඩිපුර ගනුදෙනු කරයි.
රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන්, ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් සහ ආයුධ මිලදී ගනී. මේ නිසා ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඉන්දියාවට අමතර සියයට 25ක තීරුබදු පැනවීමක් කර ඇත. ඒ අනුව, ඇමෙරිකාව ඉන්දියාවට පනවා ඇති මුළු තීරුබදු ප්‍රමාණය සියයට 50 කි.
ඇලස්කාවේ පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත්, තවත් අමතර තීරුබදු පැනවීමක් සිදු කිරීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වන බව ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 04
373
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවට තවත් තීරුබදු
de silva Saturday, 16 August 2025 07:59 AM
පිස්සු විකාර පුටින් සමග සාකච්චා කරන්න ගනු දෙනු කරන්න ට්‍රම්ප්ට හොඳයි. නමුත් ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්න එක ඔවුන්ට ප්‍රශ්නයක්..., මම නම් හිතන්නේ ඉන්දියානුවන් බඩගින්නේ හිටියත් මෙවැනි අපහාසයන් තව දුරටත් උහුලන එකක් නැහැ...